Wednesday, February 22, 2012

ඔබේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ broken link හදුනාගන්නේ කොහමද?මෙන්න ලේසිම ක්‍රමය


සමනල අඩවියෙන් අද ඉදිරිපත් කරන සොෆ්ට්වෙයාර් එක වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තියෙන හැමෝටම වැදගත් වෙයි කියලා මම හිතනවා.මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ අපේ අඩවියේ තියෙන broken link එහෙමත් නැතිනම් වැඩකරන්නේ නැති ලින්ක් ඉක්මනින් හොයලා දෙන එක.
අපේ අඩවියෙන් අපි පාඨකයන්ට දෙන ලිනික් එකක් වැඩකරන්නේ නැතිවුණාම අපේ අඩවිය ගැන පාඨකයන්ට තියෙන විශ්වාසය නැතිවෙනවා.එතකොට පාඨකයෝ අපේ අඩවියට එන්නේ නෑ.ඒ නිසා හොද ගුණාත්මක වෙබ් අඩවියක් වීමට අපේ අඩවිය තුළ මෙවැනි broken link නොමැතිවීම ඉතා වැදගත්.
මේ broken link අපේ අඩවිය තුළ තියෙනවද කියල බලන්න එකින්එක ක්ලික් කරන එක කරදර වැඩක්ග.අනික එහෙම ලින්ක් දහස් ගාණක් තියෙන අඩවියක තියෙන broken link කොහෙම හොයන්නද?
අන්න ඒ වෙලාවට තමයි මේක වැදගත් වෙන්නේ.මේ සොෆ්ට්වෙයාර් එකේ නම Xenu.නොමිලේ ලැබෙන සොෆ්ට්වෙයාර් එකක්.

මේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් බාගන්න

මෙම සොෆ්ට්වෙයාර් එක පරිඝණකයට ඉන්ස්ටෝල් කරගෙන පසුව එහි ඇති Check URL කියන තැනට ඔබට පරීක්ෂා කිරීමට අවශ්‍ය අඩවියේ ලින්ක් එක දීලා ENTER කී එක ඔබන්න.එවිට ටික වෙලාවකින් රතු පැහැයෙන් ඔබේ අඩවියේ තියෙන broken link ටික පෙනේවි.

Friday, February 17, 2012

page rank එක අනුව හොදම free blog directories 50


අපේ බ්ලොග් එකේ ට්‍රැෆික් එක වැඩි කරගන්න එකෙන් අපිට ගොඩක් වාසි තියෙනවා.විශේෂයෙන් ඇඩ්සෙන්ස් කරන අයට මේක ගොඩක් වැදගත්.ට්‍රැෆික් ගෙන්වා ගැනීම සදහා වැදගත්වන දෙයක් ගැන තමයි මම අද කියන්න යන්නේ.මම අද ඉදිරිපත් කරන්නේ අපේ බ්ලොග් Submit කරන්න පුළුවන් හොදම blog directories 50.මේක වැදගත් වෙන්නේ ඉංග්‍රීසි බ්ලොග් කරන අයටයි.මෙම blog directories google page rank අනුව තමයි පෙළ ගස්වලා තියෙන්නේ.තමන්ගේ අඩවියට වැඩි පිරිසක් ගෙන්වා ගන්න ඕනෙ නම් මෙම සින්ඩිවලට දීලා තියෙන ලින්ක් වලින් ගිහින් තමන්ගේ අඩවිය
Submit කරන්න.
මෙන්න එහෙනම් ලෝකයේ හොදම page rank එකක් තියෙන free blog directories 50.වැඩි පිරිසක් බ්ලොග් එකට ගෙන්වා ගන්න අවශ්‍ය නම් මේවගේ බ්ලොග් එක සබ්මිට් කරන්න.




DMOZ page rank 9
Jayde page rank 6
SuperPages.ca page rank 6
Patient UK page rank 6
BestCatalog page rank 6
Gimpsy page rank 6
ExactSeek page rank 7
Bizweb page rank 6
Haaba page rank 6
Canadopedia page rank 6
Earthstation 9 page rank 5
Re-quest page rank 5
MavicaNet page rank 5
Web World page rank 6
IllumiRate page rank 6
America's best page rank 6
Web Beacon page rank 6
Clear Lead page rank 6
Books Music Video page rank 6
Chiff page rank 6
SoMuch page rank 6
Re-Quest dot Net page rank 6
PsychNet-UK page rank 6
Clickey page rank 6
Proudly Canadian page rank 6
TurnPike Directory page rank 5
Greenstalk page rank 5
Smallerbizz page rank 5
Emfind page rank 5
Hoppa page rank 5
All The Bizz page rank 5
Click4Choice page rank 5
Websavvy page rank 5
iMarvel page rank 5
Cyber Web Search page rank 5
DC2NET page rank 5
The Orange Pages page rank 5
Josh's Sanctum page rank 5
Web's Best Directory page rank 5
MyAllFish page rank 5
Yeandi page rank 5
Bontonic page rank 5
All Free Things page rank 5
Fitness Pros BodyBuilding page rank 5
SmartLinks page rank 5
Money Talk page rank 5


මේවයේ සබ්මිට්කරන එක ලේසි වැඩක් නෙවි.ඒත් උත්සහයේ තරමට තමයි සාර්ථක වෙන්නේ.
එහෙනම් තවත් ඔබට ප්‍රයෝජනවත් ලිපියකින් නැවත හමුවෙමු.සමනල අඩවියේ පළවන ලිපි ඔබට ප්‍රෙයෝජනවත් කියලා හිතනවා නම් සමනල අඩවිය ෆේස්බුක් හරහා ලයික් එකක් දාන්න නැතිනම් සමනල අඩවිය එකතු වෙන්න.එහෙනම් ගිහින් එන්නම්

Wednesday, February 15, 2012

ළගදීම පොලිස්පතිට තානාපතිකමක්.....





වර්තමාන පොලිස්පතිවන එන්.කේ. ඉලංගකෝන් මහතා 1982 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලිස් සේවයට එක් විය.ඔහු බලංගොඩ උඩුගම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී විශේෂ උපාධිධාරියෙක්ද වේ.පොලිස් සේවයට එක්වී දක්ෂ ලෙස තමන්ගේ රාජකාරි කටයුතු ඉටු කළ මේ මහතා ස්වකීය දක්ෂතාවය නිසාම හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසුරිය විශ්‍රාම ගැනීමට ගත් තීරණයත් සමග පොලිස්පති ධූරයට පත්විය. පසුගියදා හලාවත ප්‍රදේශයේ තෙල් මිල ඉහළයාමට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ධීවරයෙක් පොලිස් වෙඩිපහරින් මිය යාම නිසා ඇතිවූ සිද්ධියත් සමග සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ මෙතුමාට ජනාධිපතිතුමා විසින් තානාපතිධූරයක් පිරිනමා තිබේ.

(මෙය ළගදීම දිනක ඔබට පුවත්පතක දැකගත හැක)

මෑත ඉතිහාසය තූළ සිදුවූ සිදුවීම් කිහිපකි මේ

සුසන්ත බණ්ඩාර



මේ මරණයේ වගකීම බස්සා පිට පැටවීය

රොෂේන් චානක



මෙය ජේවීපී එක ජනතාව නොමග යවාපාරට බැස්සවීම නිසා සිදුවූ මරණයක් බව ප්‍රකාශ කළේය

එගොඩවැල්ලේ ඇන්ටනි


(පංතූරය ලංකාදීප අඩවියෙනි)
..............මේ මරණයේ වගකීම කාටද දාන්නේ?

සමහර විට රොෂේන් චානක මරපු වෙලාවේ වගේ පොලිස්පති ඉල්ලා අස්වේවි ඊට පස්සේ දවසෙම ඉල්ලා අස්වුණාට තෑගි හැටියට තානාපතිකමක් ලැබෙන්න බැරි කමක් නෑ.

හැමදේම අන්තිමට සාමාන්‍යකරණය වෙලා.වෙලා නෙවි කරල.මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසදුම් නෑ.ඒත් මරණය,මර්දනය ඔවුන්ට හිමියි.ඒකයි ආසියාවේ ආශ්චර්‍ය.කොලඹ පාරවල් වල නයිට් රේස්.මිහින් ලංකා එකට කෝටි ගණන් පාඩුවෙවී තෙල් පුච්චන්න සල්ලි තියෙනවා.ඇයි ඇමතිවරුන්ට සුරසැප විදින්න?
මහපාරේ මහදවාලෙ මිනිස්සු මරනවා,උස්සනවා අන්තිමට ඒව කරපු මිනිහෙක් නෑ.හොයන්න එකෙක් නෑ.ඒත් උද්ඝෝෂණය කරපු ධීවරයන්ට වෙඩි තියන්න ඕන තරම් ඉන්නවා.
ආණ්ඩුව මේ ආයුධ උස්සන්නේ කාටද?තමන් බලයට ගෙනාව මිනිස්සුන්ටම නේද?
සුසන්ත,රොෂේන්,ඇන්ටනී ඊළගට කවුද?සමහර විට ඔබේ වැඩපළේ,ඔබේ ගමේ කෙනා වෙන්න පුළුවන්.

Tuesday, February 14, 2012

pen drive එකේ ඔක්කොම ෆයිල් ෂෝට් කට් වෙලාද? folders,File පේන්නේ නැද්ද?එහෙම නම් මෙන්න විසදුම


pen drive එකේ ඔක්කොම ෆයිල් ෂෝට් කට් වීම, folders,File පේන්නන්නේ නැතිවීම වගේ ගැටළුවලට අපිට ගොඩක් වෙලාවට මුහුණ පාන්න වෙනවා.ඒ වගේ වෙලාවට කරන්න හොද පිළියමක් තමයි අද සමනල අඩවියෙන් ඉදිරිපත් කරන්නේ.මේක Dos Command වැඩක්.
කරන්න තියෙන්නේ පොඩි වැඩයි

මුලින්ම ඔය පහළ තියෙන Code ටික copy කරලා notepad එකකට save කරන්න.
ඕන නමක් දාන්න.

හැබැයි පස්සෙ .bat කියල දාල Save කරන්න.මේ වගේ (Virus Remover.bat)

ඊට පස්සෙ අවශ්‍ය පෙන් එකට කොපි කරලා Double Click කරලා Run කරන්න.

මතුවෙන Box එකේ Click Any Key To Continue... කියලා Message එකක් එයි.

එතකොට අතට අහුවෙන Key එකක් Click කරලා දාන්න.

දැන් වැඩේ ඉවරයි.Virus ඉවරයි. හුරේ

මේ තියෙන්නෙ Code ටික

echo off
color 9f
cls
echo.
echo.
echo.
echo.
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo ++ ++
echo ++ ++
echo ++ *** ShortCut Virus Remover *** ++
echo ++ ++
echo ++ ++
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo.
echo.
echo Recommend only to use in Flash drives.
echo.
echo If this file is on your Desktop it will badly affect to your Desktop Icons !!!
echo.
echo.
echo.
echo.
echo Shortcut Virus Remover is going to repair your Flash drive..........
echo.
pause
cls
echo.
echo.
echo.
echo.
echo Cleaning process will take few seconds..........
echo Please wait..........
echo.
echo.
echo.
del *.lnk
del fypuas.exe
del fypuasx.exe
cls
echo.
echo.
echo Removing Shortcuts........... Complete.
echo.
echo.
echo.
echo Make visible your folder........... is in process..........
echo This process will take few minutes..........
echo.
echo Please wait..........
attrib /s /d -s -h -r *.*
cls
echo.
echo.
echo.
echo Shortcut Virus Remover finish its Job.........
echo.
echo Your Flash drive is OK now
echo.
echo.
echo.
echo Check your Flash drive for unknown files and folders.
echo If there is any, delete them.
echo.
echo.
echo.
echo.
echo.
echo.
echo Cleaning Process Complete.
echo.
echo.
echo Developed by Hera.......
echo.
echo.
echo.
pause

Monday, February 13, 2012

පොඩි වැඩයි රුපියලක් හෙව්වත් ඒකත් PayPal එකට ගන්න..... NO minimum payment ..No payout fees.



මම හිතන්නේ මුල්ම වතාවට තමයි අද හදුන්වලා දෙන්න යන අඩවිය ගැන සිංහල බ්ලොග් අඩවියක ලිපියක් පළ වෙන්නේ.මේ අඩවිය තුළින් ඕනෙම කෙනෙකුට මුදල් හොයන්න පුළුවන්.ඒකට ඕනෙ ඊ මේල් ලිපිනයක් විතරයි.GMAIL හෝ YAHOO හරියන්නේ නෑ.මම මේ අඩවියේ ලියාපදිංචි වෙන්න පාවිච්චි කරේ AOL Mail ගිණුමක්.එම අඩවියෙන් ඊමේල් ගිණුමක් හදාගන්න පහළ ලින්ක් එකෙන් යන්න

AOL account

හරි දැන් කරන්න ඕන වැඩේ කියන්නම් කෝ.ආ..මට මේ අඩවියේ නම කියන්න අමතක වුණා නේ.ම් අඩවියේ නම තමයි UniqPaid මේ අඩවියෙන් අපිට ක්‍රම රාශියකින් මුදල් උපයන්න පුළුවන්.

reading E-mails
Dealscompleting Paid Tasks
Paid Surveys
Visiting Sites
Referring Friends
taking part in Hot
completing a Sign Up for an advertiser's site
completing Free Cash Offers


මේකෙ අනිත් සයිට් වලට වඩා තියෙන විශේෂත්වය තමයි අපි උපයන මුදල් minimum payment නැතුව PayPal, LibertyReserve මගින් හෝ චෙක් මගින් ගන්න පුළුවන්.ඒ නිසා විශ්වාසවන්තව මුදල් ගෙවන අඩවියක් ලෙස හදුන්වන්න පුළුවන්.

මුලින්ම මේ අඩවියේ ලියාපදිංචි වෙන්න.ඒකට පහළ ලින්ක් එක භාවිත කරන්න

මෙතනින් ලියාපදිංචි වෙන්න

මෙහිදී අර අපි මුලින් හදා ගත්ත ඊ මේල් ලිපිනය දීල ලියාපදිංචි වෙන්න
මේ අඩවියේ ලියාපදිංචිවෙලා දින දෙකක් ඇතුළත අපි සම්පූර්ණ කරන වැඩවලට 10% බෝනස් මුදලක් ලැබෙනවා.ඒ නිසා ඒ දින දෙක ඇතුළත ලැබෙන වැඩ ටික කරාම හොද මුදලක් හොයාගන්න පුළුවන්.වැඩ කිව්වේ ඔවුන් ලබාදෙන අඩවිවල ලියාපදංචි වීම,අඩවි නැරඹීම වගේ ඉහත සදහන් කරපු දේවල්.අපිට මුදල් ලැබෙන වැඩ ලබාගන්න පහළ පිංතූරේ තියෙන තැන් ක්ලික් කරන්න



මම හිතනවා මේ අඩවිය ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා.තව මේ අඩවිය ගැන ගැටළු තියෙනවා නම් අහන්න
එහෙනම් නැවත ලිපියකින් හමුවෙමු.ජයවේවා

Friday, February 10, 2012

ඕනෑම වීඩියෝ එකක් එකම සොෆ්ට්වෙයාර් එකකින් convert කරමු


මගේ ළග Video Converter තුන හතරක්ම තිබුණත් හොදම Video Converter එකක් විදියට මම හිතන්නේ මම අද මේ කියන Video Converter එක.මොකද මේකෙන් ගොඩක් වර්ග වල වීඩියෝ Convert කරන්න පුළුවන්.මට වැඩියෙන්ම මේක වැදගත් වෙන්නේ you tube එකේ වීඩියෝ Convert කරගන්න ඕනෙ වුණාම.මොකද ගොඩක් Converter වලින් flv format එකේ වීඩියෝ Convert කරන්න බෑ.ඒ වගේ වෙලාවට මේ Converter එක ගොඩක් වටිනවා. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම ලැබෙන Converter එකක්.
ඔක්කොම කිව්ව ඒත් නම කිව්වේ නෑ නේ තාම.මේකෙ නම තමයි Any Video Converter.සමහර අය නම් දන්නවත් ඇති.
ඒහෙනම් ඉතින් වැඩි කතා ඕනෙ නෑ.පහළ ලින්ක් එකෙන් මේ Any Video Converter එක බා ගන්න.22 mb විතරයි තියෙන්නේ කැමති කෙනෙක් ඉන්නව නම් බා ගන්න.

මෙතනින් බාගන්න


තාම සමනල අඩවියට ලයික් එකක් දාල නැත්නම් ෆේස්බුක් එකේ ලයික් එකක් දාන්න.නැත්නම් සමනල් රෑනට එකතු වෙන්න.ඊ මේල් මගින් මේ අඩවියේ පළවන ලිපි ඉක්මනින්ම ගෙන්වා ගන්න ඕනෙ නම් ඊ මේල් ලිපිනය ඇතුළත් කරන්න.එහෙනම් තවත් අලුත් ලිපියකින් හමුවෙමු. හැමෝටම ජය වේවා.......!

Sunday, February 5, 2012

ස්ත්‍රී රත්නං පුස්ථකං පරහස්තං ගතං ගතං ( කාන්තාවක් හෝ පොතක් වෙනත් කෙනෙක් අතට ගියොත් ගියාමය)


‍මේ ලිපියේ මාතෘකාව දැක්කම හිතුණේ බණක් කියන්න යනව කියලද? ‍මේක පොඩි කතාවක්.ඒ කිව්වේ මගේ අත්දැකීමක් ගැන සටහනක්.ඒ කතාව කියන්න කලින් ඉතින් මේ මාතෘකාවෙ තේරුම ‍පොඩ්ඩක් කියල ඉන්නම් දන්නේ නැති අයට දැනගන්න.මේකෙ තේරුම තමයි කාන්තාවක් හෝ පොතක් වෙනත් කෙනෙක් අතට ගියොත් ගියාමය කියන එක.ඔය දෙකම ගැන අත්දැකීම් තියෙන අය අපි අතර අනන්තවත් ඇති.
ඒත් මට නම් අත්දැකීම ලැබුණේ ඔය දෙවනිවෙනි කාරණය සම්බන්ධයෙන්.ඒත් මම දන්න සිදුවීම් කිහිපයක් තියෙනවා ඔය මුලින් කිව් කාරණය සම්බන්ධයෙනුත්.ඒ ගැන මම පස්සේ කියන්නම්
මුලින්ම මේකයි මගේ අත්දැකීම
ඔන්න ඉතින් අපිට මාසයකට සැරයක් පොළ හම්බවෙනවා නේ.පොළ කිව්වේ මහපොළ ශිෂ්‍යාධාරය.ඔය පොළ හම්බවෙන දවස් වෙනකොට අපේ කැම්පස් එකේ(පේරා) ප්‍රධාන පුස්තකාලය ඉස්සර පොත් ප්‍රදර්ශනයක් තියෙන එක සාමාන්‍ය පුරුද්දක්.මොකද පොත් විකුණක අය දන්නවා පොළ හම්බවෙන දවස්වලට ළමයි පොත් ගන්නවා කියලා.පොළ හම්බවෙන්නේ නැත්නම් අපිට පොතක් වත් ගන්න සල්ලි නෑ කියලා පොත් වෙළෙන්දොත් දන්නවා.ඉතින් මාත් පුරුද්දකට වගේ පොළ දවසට පොතක් ගන්න එක පුරුද්දක් කරගෙන හිටියා.ඔන්න ඉතින් එක මාසෙක මම ආසාවෙන් හොය හොයා හිටිය පොතක් තිබුණා සියක් වසක් හුදකලාව කියලා.ඕක ඉතින් අතේ සල්ලිත් තිබුණ නිසා දෙපාරක් නොහිතම අරගත්ත.දවස් දෙකෙන් පොත කියවලා ඉවරයි.ඔය පොත ඉතින් ටික දවසක් මේසෙ කොනක තියලා තිබුණා.දවසක් මගේ යාළුවෙක් මේක දැකලා අඩෝ මම හොය හොය හිටිය පොතක් කියලා මට බටර් පාරකුත් ගාල අරගෙන ගියා.සතියක් දෙකක් ගියා පොත තාම නෑ.ඔන්න ඔහොම ඉන්නකොට නිවාඩුවක් සෙට් වුණා.සතියක් ගෙදර ඉදලා ආවම පස්සේ මම අර යාළුවගෙන් පොත ගැන ඇහුව.මෙන්න මූ ඒක ගෙදර දාල ඇවිල්ල.කියවන්න කියලා ගෙදර අරගෙන ගිහින් පස්සේ ඒක අමතක කරල ඇවිත් මට ඉතින....මූ ලේසියකට ගෙදර යන එකකුත් නෙවි.දැන් මොනව කරන්නද?ගෙදර ගිහින් අරගෙන වරෙන් කියන්ද?අන්තිමට ඉතින් මූ ගෙදර යන කම් මට ඉවසන්න වුණා මාස 4ක්.මාස 4 පස්සේ මූ ගෙදර ගිහින් ආව කියමු කෝ.මම ඇහුවා පොත කෝ කියලා.ඒ පාර මූ කියනවා ඌ ගෙදර ඒක තියල ආවට පස්සේ නංගි ඒ පොත බලලා නංගිගේ තව යාළු කෙල්ලෙක්ට දීලලු.ඒ පාර ඒ කෙල්ල කොල්ලෙක් එක්ක පැනල ගිහින්.ඒ කෙල්ලෙගෙ ලව් එකට උදව් කරා කියලා මගේ යාළුවගේ නංගිට අර පැනල ගිය කෙල්ලගේ දෙමව්පියෝ ඒ ගෙවල් පැත්ත පළාතේ එන්න දෙන්නේ නෑලු.ඒ නිසා පොත ගෙන්න ගන්න විදියක් නෑලු.
හ්ම්...හ්ම්....
මොනව කරන්නද දැන්.මම ඒ ගෙදර යන්නද?තාමත් පොත නෑ.මූ ගෙදර ගියෙත් නෑ.මම මූට කිව්ව ලබන සැරේ වත් එනකොට පොත ගෙනෙන් කියලා.ඒ පාර මූ කියනවා ඌට ඒ ගෙදර යන්න බැරිලු.නංගිත් එක්ක තරහ නිසා ඌටත් බනිවිලු.ඒ පාර මූ කියනවා මචං ඔය කෙල්ලට ළමයෙක් හෙම හම්බවුණාම ඔය දෙමව්පියොත් එක්ක තරහ නිවිලා ආපහු ගෙදර ඒවි එතකොට මම පොත ඉල්ලලා දෙන්නම් කියලා.යකෝ...
තනි ඇහට ඇඩෙනවා.දැන් ඉතින් අර කෙල්ලට බබෙක් හම්බවෙනකම් ඉදපංකෝ මගේ පොත ඉල්ල ගන්න......

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner