Wednesday, February 15, 2012

ළගදීම පොලිස්පතිට තානාපතිකමක්.....





වර්තමාන පොලිස්පතිවන එන්.කේ. ඉලංගකෝන් මහතා 1982 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලිස් සේවයට එක් විය.ඔහු බලංගොඩ උඩුගම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී විශේෂ උපාධිධාරියෙක්ද වේ.පොලිස් සේවයට එක්වී දක්ෂ ලෙස තමන්ගේ රාජකාරි කටයුතු ඉටු කළ මේ මහතා ස්වකීය දක්ෂතාවය නිසාම හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසුරිය විශ්‍රාම ගැනීමට ගත් තීරණයත් සමග පොලිස්පති ධූරයට පත්විය. පසුගියදා හලාවත ප්‍රදේශයේ තෙල් මිල ඉහළයාමට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ධීවරයෙක් පොලිස් වෙඩිපහරින් මිය යාම නිසා ඇතිවූ සිද්ධියත් සමග සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ මෙතුමාට ජනාධිපතිතුමා විසින් තානාපතිධූරයක් පිරිනමා තිබේ.

(මෙය ළගදීම දිනක ඔබට පුවත්පතක දැකගත හැක)

මෑත ඉතිහාසය තූළ සිදුවූ සිදුවීම් කිහිපකි මේ

සුසන්ත බණ්ඩාර



මේ මරණයේ වගකීම බස්සා පිට පැටවීය

රොෂේන් චානක



මෙය ජේවීපී එක ජනතාව නොමග යවාපාරට බැස්සවීම නිසා සිදුවූ මරණයක් බව ප්‍රකාශ කළේය

එගොඩවැල්ලේ ඇන්ටනි


(පංතූරය ලංකාදීප අඩවියෙනි)
..............මේ මරණයේ වගකීම කාටද දාන්නේ?

සමහර විට රොෂේන් චානක මරපු වෙලාවේ වගේ පොලිස්පති ඉල්ලා අස්වේවි ඊට පස්සේ දවසෙම ඉල්ලා අස්වුණාට තෑගි හැටියට තානාපතිකමක් ලැබෙන්න බැරි කමක් නෑ.

හැමදේම අන්තිමට සාමාන්‍යකරණය වෙලා.වෙලා නෙවි කරල.මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසදුම් නෑ.ඒත් මරණය,මර්දනය ඔවුන්ට හිමියි.ඒකයි ආසියාවේ ආශ්චර්‍ය.කොලඹ පාරවල් වල නයිට් රේස්.මිහින් ලංකා එකට කෝටි ගණන් පාඩුවෙවී තෙල් පුච්චන්න සල්ලි තියෙනවා.ඇයි ඇමතිවරුන්ට සුරසැප විදින්න?
මහපාරේ මහදවාලෙ මිනිස්සු මරනවා,උස්සනවා අන්තිමට ඒව කරපු මිනිහෙක් නෑ.හොයන්න එකෙක් නෑ.ඒත් උද්ඝෝෂණය කරපු ධීවරයන්ට වෙඩි තියන්න ඕන තරම් ඉන්නවා.
ආණ්ඩුව මේ ආයුධ උස්සන්නේ කාටද?තමන් බලයට ගෙනාව මිනිස්සුන්ටම නේද?
සුසන්ත,රොෂේන්,ඇන්ටනී ඊළගට කවුද?සමහර විට ඔබේ වැඩපළේ,ඔබේ ගමේ කෙනා වෙන්න පුළුවන්.

0 comments:

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner