Thursday, April 26, 2012

ලෝකෙ ඕනෙම රටකට ඕනෙම දුරකථනයකට නොමිලේ SMS යවන්න දැන් සමනල අඩවියට එන්න


අන්තර්ජාලයේ ඉන්න ගමන් නොමිලෙම යාළුවෙක්ට SMS යවන්න ඕනෙද? එහෙනම් අද ඉදලා ඒ පහසුකම සමනල අඩවියෙන් ඔබට ලැබෙනවා.ඒ කිව්වේ අද ඉදලා සමනල අඩවියෙන් ලෝකෙ ඕනෙම රටකට ඕනෙම දුරකථනයකට නොමිලේ SMS යවන්න පුළුවන්. සමහර අඩවිවල නොමිලේ SMS යවන්න පහසුකම තිබුණත් ඒව හරියට වැඩ කරන්නේ නෑ.ඒත් මේ සමනල අඩවියේ දාල තියෙන widget එකෙන් තත්පර ගාණකින් හරිම පහසුවෙන් SMS යවන්න පුළුවන්.මම ඒකට වෙනම පේජ් එකකුත් හැදුවා.සමනල අඩවියේ උඩ තියෙන නොමිලේ SMS යන පේජ් එකට ගිහින් නොමිලේ SMS යවන්න.නොමිලේ SMS කියලා තියෙන බැනර් එක උඩ ක්ලික් කළත් හරි.ඔබේ දුරකථන අංකය සදහන් වෙන්නේ නැති නිසා යාළුවන්ට පොඩි ජෝක් එකක් වුණත් කරන්න පුළුවන්.එහෙනම් නොමිලේ යවන්න ඕනෙ වුණොත් සමනල අඩවියට එන්න

ප.ලි
මේකෙන් යවන්න පුළුවන් අකුරු 160 විතරයි
එකේ අන්තිමට මෙම සේවාව ලබාදෙන අඩවියේ ලිපිනය සදහන් වෙනවා

ඇඩ්සෙන්ස් ගන්න උදව්වක්


මම ඇඩ්සෙන්ස් ගැන මීට කලිනුත් ලිපි 2ක් ලිව්ව.ඒ ලිපි වලින් කතා කළේ Flixya හා Indyarocks කියන අඩවි ගැන.මේ අඩවි වලින් අපිට ලෙහෙසියෙන් ඇඩ්සෙන්ස් ගන්න පුළුවන්.මේවට කියන්නේ AdSense Revenue Sharing Sites කියලා.අපි දන්නවා ඇඩ්සෙන්ස් බ්ලොග් එකක් මාර්ගයෙන් ගන්න ගියාම ටොප් ලෙවල් ඩොමේන් අඩවියට හොද ට්‍රැෆික් එකක් තියෙනවද වගේ සුදුසුකම් බලනවා.ඒත් මේ AdSense Revenue Sharing Sites වලින් අපිට ඒ අවශ්‍යතාවයන් නොමැතිව ඇඩ්සෙන්ස් ගන්න පුළුවන්.
මේ අඩවි වලින් සමහර අඩවි අපේ ඇඩ්සෙන්ස් ආදායමෙන් කොටසක් ගන්නවා ඒත් සමහර අඩවි අපිට සම්පූර්ණ මුදලම ලබාදෙනවා.ඒ වගේ අඩවි දෙකක් තමයි Flixya හා Indyarocks කියන්නේ.මේ අඩවි වලට අමතරව මෙවැනි අඩවි රාශියක් දක්නට ලැබෙනවා.ඔයාලටත් ඇඩ්සෙන්ස් ගන්න උනන්දුවක් තියෙනවා නම් මේ අඩවි මගින් ඇඩ්සෙන්ස් ගන්න එක වඩා ලේසියි කියලා තමයි මගේ අදහස.
මේ අඩවි වල ගොනුවක් පහත තියෙනවා උත්සහ කරලා බලන්න

Top 10 Adsense Revenue Sharing sites

1.www.Hubpages.com
2.www.Squidoo.com
3.www.Indyarocks.com
4.www.Shoutmeloud.com
5.www.Xomba.com
6.www.Flixya.com
7.www.meyouworld.net
8.www.webmaster.org
9.www.Forumatrix.com
10.www.seomeeting.com

Saturday, April 21, 2012

Facebook Like දාල alertpay එකට $11 ගත්ත


අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගොඩක් අය උනන්දුයි නේ.අද මම කියන්නේ මම අන්තර්ජාලයෙන් හොයපු ආදායමක් ගැන.මේක මම අරගෙන ටිකක් කල්.පොඩි මුදලක් තමයි ඒත් එච්චර මහන්සියක් නැතිව හෙව්ව නිසා වටිනවා.මම සල්ලි ගත්තේ sumafan එකෙන්. මම මේ අඩවිය ගැන මීට කලිනුත් ලිපියක් ලිව්ව.වැඩි විස්තර දැනගන්න ඒ ලිපිය බලන්න.ඒ ලිපිය මෙතනින් බලන්නමේ වෙබ් සයිට් එක විශ්වාසවන්ත අඩවියක් යූරෝ 10 වුණාට පස්සේ සල්ලි ගන්න පුළුවන්.කැමති නම් උත්සහකරල බලන්න ඔයාලත්...

Sunday, April 15, 2012

මල් කැකුලකට ජිවය දෙමු.


මේ ලිපිය සිතුවිලි පවුර බ්ලොග් එකෙන් කොපි කරපු එකක්.මම හිතනවා මේ ලිපිය කොපි කරපු එක වැරද්දක් නෑ කියලා. මේ ලිපිය බැලුවම ඔයාලත් හිතේවි එහෙම කරපු එකේ වැරද්දක් නැතිවේවි කියලා.කියවලාම බලන්න මේ ලිපිය



මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර. ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.
ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්.

එදා ඉදල ඒ ගැන හොයපු නිලුෂ පසුගිය බ්‍රහස්පතින්දා (29/03/2012) එයාගෙ නිවස රුපියල් ලක්ෂ 4කට උගස් කරල යාලුවන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 2ක් අරගන දුවවත් අරගෙන ඉන්දියාවට ගියා. එහෙදි තමයි දැනගන්න ලැබුනෙ රුවින්දිගෙ අක්මාවෙ තැන් 7කින් ඒ වෙනකොටත් ලේ ‍යන්න පටන් අරගන තිබිල තියෙන්නෙ. එයාට බෙහෙත් කරන ඉන්දියාවෙ Global රෝහලේ Dr.Mohamed Relaමහත්මය ඇතුලු වෙද්‍ය කණ්ඩායම එන්නත් 7ක් විදල තාවකාලිකව ඒ ලේ ගැලීම නවත්වල තිබුන. හැබැයි ඒ සති 3කට විතරයි. ඒ අය කියන විදියට ඒ සති 3 ඇතුලත රුවින්දිට එයාගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි අක්මාවෙන් ගත්ත කොටසක් අරගන බද්ද කරන්න ඕන. එහෙම නැති උනොත් රුවින්දිගෙ ජීවිතය නැතිවෙනව.

මේ සැත්කමට රුපියල් ලක්ෂ 70ක් විතර වියදම් වෙනව. රුපියල් ලක්ෂ 70 ක් කියන්නේ රුවින්දිගෙ තාත්ත නිලුෂට හිතන්නවත් බැරි තරම් ලොකුම ලොකු මුදලක්. අපි හැමෝම එකතු වුනොත් මේ පුංචි සුරංගනාවිය සනීප කරලා ලංකාවට එක්ක එන්න පුළුවන්. ඒත් අපි උදවු නොකොළොත් තව සති 3ක් නැත්නම් මාසයක් යනකොට ඒ පුංචි සුරංගනාවිය අපිව දාල යන්නම යනවා. අපි කාටද පුළුවන් පුංචි කිරිසප්පයෙක් අපිව දාල යනකල් බලන් ඉන්න?

කරුණා කරලා ඔබට පුළුවන් ආධාරයක් කරන්න. ඔබ දෙන පුංච් රුපියල් 10 හරි රුවින්දිට මේ වෙලාවෙ ගොඩක් වටිනව. පුංචි රුවින්දි සනීප වෙලා හිනාවෙන දවසට අපිට කොයිතරම් නම් සතුටු වෙන්න පුලුවන්ද?

මේ රුවින්දිගෙ තාත්තගෙ දුරකථන අංකය - (+94) 776280952
නිලූෂගෙ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙනුත් විස්තර දැන ගන්න පුලුවන් - පූජ්‍ය රන්මුතුවැවේ විජිතවංශ හිමි - (+94) 332255738

(පුළුවන්නම් මේ ලිපිය ඔයාලත් ෆේස්බුක් එකට share කරන්න නැතිනම් බ්ලොග් එකක් තියෙනවා නම් මේ ගැන පෝස්ට් එකක් දාන්න)

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner