Sunday, November 18, 2012

පේපෑල් එකේ සල්ලි ලංකාවට ගන්න හොදම ක්‍රමය

අපි හැමෝම දන්නව පේපෑල් එක ලංකාවට සපෝර්ට් කරන්නේ නෑ කියලා.ඒ කියන්නේ ලංකාව send only කියන ගොඩටයි අයත් වෙන්නේ.ඒ නිසා අපි පේපෑල් එක හදනකොට වෙන රටක විදියට හදන්න ඕන.දැන් ගොඩක් දෙනෙක් දන්නවා මැලේසියන් විදියට පේපෑල් එක හදන්න.දන්නැති කවුරු හරි ඉන්නව නම් මෙතනින් IPLUS BLOG එකට ගිහින් පේපෑල් එකක් නිවරදිව හදන්න ඉගෙන ගන්න. අපි කොහෙම හරි මැලේසියන් විදියට පේපෑල් එක හදාගෙන ‍සල්ලි කීයක් හරි දාගත්තට පසසේ අපිට තියෙන ප්‍රශ්නෙ තමයි කොහොමද ලංකාවට සල්ලි ගන්නේ කියන එක.මොකද අපි පේපෑල් එක හදන්නේ වෙන රටක විස්තර දීල දැන් අපි ඉන්නේ ලංකාවෙ. පේපෑල් එකේ සල්ලි ලංකාවට ගන්න විවිධ ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන් HNB කාර්ඩ් එක වගේ ලංකාවේ බැංකුවකින් නිකුත් කරන කාර්ඩ් එකකින් ගන්ක පුළුවන් නැත්නම් පිටරට ඉන්න කාටහරි සල්ලි යවල ගෙන්න ගන්න පුළුවන් ඒහෙමත් නැතිනම් ඉතින් අදුනන අයට ඩොලර් විකුණන පුළුයන්.ෆේස්බුක් ගෘප්වලින් ඩොලර් අවශ්‍ය අය හොයාගන්න පුළුවන්. ඒත් HNB එකෙන් සල්ලි ගන්න ගියාම කාලයක් යනවා සමහර වෙලාවට මාසයක් දෙකක් ඉන්න වෙනවා කාර්ඩ් එකට සල්ලි ගන්න.කාර්ඩ් එකට සල්ලි දැම්මට පස්සේ එයිද නැද්ද කියලා බල බලා හිතේ ගින්දරින් ඉන්න ඕන.අනික ලංකාවේ අයට ඩොලර් විකුණන්න ගියාම කුණුකොල්ලට අහන්නේ ලොකුගාණක් රුපියල් කරන්න ඒ විදියට බෑ. ලංකාවට සල්ලි ගන්න හොදම ක්‍රමය විදියට මම දකින්නේ payoneer එකෙන් දෙන US Payment Service එක.ඒ කියන්නේ අපිට payoneer එකෙන් අපිට USA Bank account එකක් ආරම්භ කරන්න අවස්ථාව ලබල දෙනවා. මේ තුළින් දවස් දෙක තුනක් ඇතුළත පේපෑල් එකේ සල්ලි ලංකාවේ ඕනෙම ATM එකකින් payoneer කාර්ඩ් එකෙන් නීත්‍යානුකූලවම ගන්න පුළුවන්.payoneer කාර්ඩ් එකක් අරගෙන US Payment Service එක verified කරගන්නේ කොහෙමද කියල ඊළගට බලමු. මුලින්ම payoneer එකට ගිහින් ලියාපදිංචි වෙලා කාර්ඩ් එකක් ගෙදරට ගෙන්න ගන්න.මේ සදහා oDesk හෝ Plimus භාවිතා කිරීම අවශ්‍ය වන්නේ නෑ.අපිට කෙළින්ම payoneer එකෙන් ගන්න පුළුටන්.මම ගත්තෙත් ඒ විදියට.ඒ නිසා පහළ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙන්න මෙතනින් යන්න දැන් sign up button එක ක්ලික් කරලා ඊළගට ඇති ස්ටෙප් 3 යටතේ ඇති විස්තර ඇතුළත් කරන්න.
හරියට රෙජිස්ටර් වුණා නම් පහළ තියෙන ඊමේල් එක එනවා
ඊළග වැඩ ටික කරන්න වෙන්නේ කාර්ඩ් එක ගෙදරට ආවට පස්සේ. කාර්ඩ් එක ආවට පස්සේ මුලින්ම කාර්ඩ් එක ඇක්ටිව් කරගෙන ඉන්න ඕනෙ.ඒ සදහා $10 යනවා.කාර්ඩ් එක ඇක්ටිව් කරන විදිය ගැන iplus බ්ලොග් එකේ තියෙනවා. ඔයාලා කාර්ඩ් එක ගන්න රෙජිස්ටර් වෙලා ටික දවසකට පස්සේ පහත දැක්වෙන විදියේ ඊමේල් එකක් එනවා.ඒ එන්නේ US Payment Service ගැන අදුන්වා දීමක් විදියට.අපි ඒකට අපේ විස්තර එක්ක රිප්ලයි එකක් යවන්න ඕනෙ.
ඊළගට අපි ඉහළ ඇති ආකාරයට 1 සහ 2 යන ස්ථාන වල ක්ලික් කරලා අපේ විස්තර දෙන්න ඕනෙ. US Payment Service Questionnaire යටතේ අපිට දෙන්න තියෙන්නේ මුදල් උපයන ආකාරය පිළිබද විස්තර
01.ඔබ වැඩ කරන අදාළ ක්ෂේත්‍රය තෝරන්න 02.ඔබ වැඩ කරන වෙබ් අඩවියට අදාළ ඔබගේ profile link එක. උදා.http://fiverr.com/crorkservice 03.ඔබ කරන වැඩ පිළිබදව හැදින්වීමක් government-issued photo ID යටතේ අපිට දෙන්න වෙන්නේ අපේ Passport එක හරි Driver's License එක හරි Scan කරලා.මොකද National ID එක දෙනන බෑ මොකද ඒක සිංහලෙන් තියෙන්නේ.
02.මෙතනට Account Screenshot තෝරලා අපේ පේපෑල් එකවුන්ට් එකේ Screenshot එකක් දාන්න. Screenshot ගන්නකොට ෆුල් Screenshot ගන්න.කොම්පියුටර් එකේ දිනේ වෙලාව වැදෙන්නත් එක්ක.ඊට පස්සේ submit your Answer එකයි Upload එකයි ක්ලික් කරන්න. ඊට පස්සේ අර US Payment Service එක ගැන තිබුණ ඊමේල් එකට රිප්ලයි එක්ක යවන්න ඔයා US Payment Service එක ගන්න කැමතියි කියලා.මම නම් එහෙම යවන කොට ආයෙත් ෆයිවර් එකේ Revenues වලයි profile එකේ Screenshot එකකුයි යැව්වා.මම දන්නේ නෑ එහෙම කරන්න ඕනෙද කියලා ඒත් යාළුවෙක් කිව්ව නිසයි එහෙම කළේ. Account වල Screenshot ගද්දි සල්ලි තියෙන ඒවගෙ Screenshot ගන්න. වැඩ කරන සයිට් එකේ profile එකේ Screenshot ගද්දි තමන්ගේ නමත් එක්ක අහුවෙන්න ගහන්න.මම පහළ දිල තියෙන Screenshot බලන්න.
ඊට පස්සේ US Payment Service එක verified කරන කම් ඉන්න වෙනවා.මේකට නම් මාසයක් වත් ඉන්න වෙනවා.ඒත් ඒකටත් කරන්න පොඩි වැඩක් තියෙනවා.එක පාර $ 100 වැඩි ගාණක් දැම්ම නම් ඉක්මනට වෙරිෆයි කරගන්න පුළුවන්.මම මුලින් $10 වෙරිෆයි වෙන්න කලින් ගත්ත ඒත වෙරිෆයි වුනේ නෑ ඊට පස්සේ $200 එක පාර දැම්ම ඕන දෙයක් වෙන්න කියලා.අනිත් පහුවදාම වැඩේ ගොඩ. US Payment Service එක verified වෙන්න කලින් ඔයාලට පුළුවන් ඕනෙ නම් පොඩි ගාණක් කාර්ඩ් එකට දාල ටෙස්ට් කරලා බලන්න.බයවෙන්න එපා ඒක කාර්ඩ් එකට එනවා.ඒ වගේම වෙරිෆයි වෙන්න කලින් එකවුන්ට් නම්බර් එනවා.payoneer එකට ලොග් වෙලා Service වල US Payment Service බලන්න විස්තර ඇති. ඊට කලින් අපි බලමු කොහමද US Payment Service විස්තර පේපෑල් එකට දාන්නේ කියලා.මුලින්ම payoneer එකට ලොග් වෙලා එහි service යටතේ ඇති US Payment Service එකට යන්න.එතකොට ඔයාලට පහත දැක්වෙන ආකාරයේ විස්තර කීපයක් දක්නට ලැබේවි.
ඊළගට අපි මේ විස්තර පේපෑල් එකට ඇතුළත් කරන්න ඕන.ඒ සදහා පේපෑල් එකට ගිහින් profile යටතේ ඇති Add Bank Account යන්න ක්ලික් කරන්න.ඊට පස්සේ පහළ විස්තර දෙන්න.
01.Country - United state 02.Bank Name- First Century Bank 03.Account Type- Savings 05.Routing Number- US Payment Service යටතේ ඔබට අදාල අංකය ඇත 06.Account Number- US Payment Service යටතේ ඔබට අදාල අංකය ඇත දැන් ඉතින් පේපෑල් එකෙන් withdraw කරනකොට අපේ බැංකු ගිණුමට withdraw කරන එකයි තියෙන්නේ.එතකොට payoneer card එක load වෙනවා.අපිට තියෙන්නේ ATM එකට ගිහින් ගන්න විතරයි.මුලින්ම පොඩි ගාණක් withdraw කරල බලන්න.US Payment Service එක verified නැතත් සල්ලි එනවා.එතකොට ඊමේල් එක්ක එනවා US Payment Service එක තාම verified නැත්නම්.මේ තියෙන්නේ මට ආව ඊමේල් එක.
ඊට පස්සේ $200 දැම්ම ඕන දෙයක් වෙන්න කියලා එවලේ ආව ඊමේල් එකට රිප්ලයි කළාම තමයි වැඩේ ගොඩ ගියේ.
වෙරිෆයි වුණාම මෙහෙම ඊමේල් එකක් එනවා
දැන් ඉතින් අවුලක් නැතිව payoneer එකෙන් පේපෑල් සල්ලි ලංකාවට අදින්න පුළුවන්. මම හිතන්නේ US Payment Service එක තමයි පේපෑල් සල්ලි ගන්න තියෙන වඩාත් විශ්වාසවන්ත හා ඉක්මන්ම ක්‍රමය.කැමති අය ඉන්නව නම් අදම රෙජිස්ටර් වෙලා කාර්ඩ් එක ගෙන්න ගන්න. රෙජිස්ටර් වෙන්න මම මේ ලිපිය ලිව්වේ මගේ දැනීමේ හැටියට මේ ගැන තව කවුරු හරි හරි වැඩි විස්තර දන්නව නම් කමන්ට් එකක් දාලම යන්න.ඒක අනිත් අයට උදව්වක් වේවි.ගැයළුවක් මතුවු‍ණොත් කමන්ට් එක්ක දාන්න පුළුවන් උදව්වක් කරන්නම්.

22 comments:

Unknown said...

ela post eka. Thanks bro

දේව් ගේ අඩවිය said...

තව මාසයක් දෙකක් බලාගෙන ඉන්න ඊට වඩා ලංකාවේ ක්‍රමයකින්මත් සල්ලි ගන්න පුළුවන් වේවි.... ඒ ගැන දැන්ම කියනවාට වඩා ආවහම එක එලියට බලමු.... ජය.

Chandana said...

@දේවා ගේ අඩවිය said...
මොක්කද. පේපැල් ලංකාවට දෙනවද/
මම හිතන්නැ ඒක වෙයි කියලා

Sanjaya සිතුවිලි said...

නියමයි ... වැදගත් ලිපියක් ....

Dulan said...

ඔය වැඩේ කරන්නත් 18 වෙනකන් ඉන්න එපැයි

සමනලයා said...

@දේවා ගේ අඩවිය පේපෑල් ලංකාවට දෙනවා නම් හොදයි.ඒත් එහෙම නැති එකනේ කරුමේ

සමනලයා said...

@Dulan Kalhara මල්ලි ගෙදර ඔයාට වැඩිය වැඩිමල් කවුරුත් නැද්ද?

Unknown said...

Me widiha hodai $ 80 kata wada gennanna puluwan nam

Himashi Sansala said...

Useful article...

Dulan said...

@සමනලයා වැඩිමල් අයනම් ඉන්නවා. මගේ නමටම තිබ්බනම් එල නේ :D

මගේ පේපැල් එක HNB debit කාඩ් එකකින් වෙරිෆයි කරලා තියෙන්නේ. මේ payoneer කාඩ් එක දාන්න පුලුවන්ද . HNB කාඩ් එකත් තියෙද්දී

සමනලයා said...

පුළුවන් මචං.payoneer කාඩ් එක නෙවෙයි දාන්නේ බෑන්ක් එකවුන්ට් එකක් ඇඩ් කරන්නේ

Dulan said...

එහෙනම් එල :)

Dragon-hunter95 said...

niyamayi ayya... mamath hoya hoya hitiye aluth kramayak

Salinda C said...

මාර සීන් එකක් උනේ මම payoneer කාඩ් එක paypal වලට ඇඩ් කරනකොට Account Type එක දුන්නෙ checking කියල දැන් මොකෝ කරන්නෙ?අවුලක් වෙයිද?සල්ලි නම් ඇවිත් තිබ්බ

තව එකක් එතකොට US Payment Service එක ඇක්ටිව් කරන්න ඕනි නැද්ද සල්ල ගන්න?

සමනලයා said...

@Salinda C කීයක් දැම්මද මුලින්.ඇක්ටිව් කරන්නේ නැතුව ගන්න පුළුවන් $100 වගේ දැම්මොත් ඇක්ටිවි කරන්න කියලා මේල් එකක් එයි.මම හිතන්නේ අවුලක් වෙන්නේ නැතිව ඇති checking කියලා දැම්මට.

නිහඬ සිතිවිලි (Indrachapa) said...

ගොඩක් වැදගත් යාළුවා. ඇත්තටම ලංකාවට paypal දෙයිද ?

පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න
MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

Anonymous said...

එල මචෝ.....එතකොට මෙ පෙපල් එකෙන්...ඉබේ එකෙන් බඩු ගන්ඩ අවුලක් වෙන්නෙ නෑ නේද?සම්පත් වෙබ් කාඩ් එකත් ලින්ක් කරල තියෙන්නෙ...payoneer එක සම්මබන්ද කරන්ඩ පුලුවන්ද බන්,වෙබ් කාඩ් එක තියෙද්දි....machan plzz ...ikmanata reply ekak dipan....

Anonymous said...

CS එකේ උන්ට හොදට කරදර කරපන් ඉක්මනට US Payments ඇක්ටිව් කරන්න කියලා... මං සතියෙන් කරගත්තා... සල්ලි දැම්මෙත් නෑ

සමනලයා said...

ඉබේ එකෙන් බඩු ගන්ඩ අවුලක් වෙන්නෙ නෑ

බුද්ධික said...

මේ වැඩේට Paypal acc එකේ details හා Payoneer වලට දෙන details සමාන වෙන්න ඕනෙද?Paypal acc එක වෙන නමකින් හදලා Payoneer acc එක වෙන නමකින් හැදුවට අවුලක් නැද්ද?

Unknown said...

ඒත අවුලක් නෑ

Rashi said...

Passport, Driver's License නැහැ. මොකද කරන්නේ ?

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner