Tuesday, September 4, 2012

Iplus උපහාර fiverr ලිපිය


මම හිතන්නේ අද වන විට ලංකාවේ E-money කරන ගොඩක් දෙනෙක් දෙනෙක් fiverr ගැන දන්නවා. Fiverr ගැන මුලින්ම මම ඉගෙන ගත්තේ Iplus බ්ලොග් එකේන්.දැන් Fiverr කරන ගොඩක් දෙනෙක් මම හිතන්නේ Iplus නිසා Fiverr කරන්න පටන් ගත්ත අය.ලංකාවේ මිනිස්සු දන්න දේවල් හංගාගෙන තමන් විතරක් ගොඩයන්න හදන වෙලාවේ Iplus තමන් දන්න අනිත් අයට කියලා දුන්නා. Fiverr කරලා වාහන ගත්ත අය ගෙවල් හදන අයත් දැන් ලංකාවෙ ඉන්නවා.
කාලයක් ඇඩ් ක්ලික් කර කර සල්ලි හොයන්න පුළුවන් කියලා හිතපු මට අන්තර්ජාලයෙන් නිවරදිව හොද ගාණක් හොයා ගන්න පුළුවන වුණේ Iplus ගේ Fiverr ලිපි මාලාව නිසා. Fiverr එකේ පාර්ට් ටයිම් වගේ වැඩ කලොත් අනිවාර්යෙන්ම 40000 පන්නලා හොයන්න පුළුවන් ලේසියෙන්ම.හොදට වැඩ කරන්න පුළුවන් ඒ වෙනුවෙන් කාලය වැය කරන්න පුළුවන් කෙනෙක්ට නම් මාසෙට ලක්ෂයක් කියන්නේ ලේසි ටාර්ගට් එකක්.බොරුවක් නෙවෙයි අත්දුටුවයි සහතිකයි.
ඉතින් මම මේ ලිපිය Iplus වෙනුවෙන් ලියන්න හේතුවුනේ Fiverr වලින් හම්බ කරපු සල්ලි වලින් මම ලැප්ටොප් එකක් ගත්ත නිසා.මම හම්බ කරපු හැම $ එකකටම Iplus ට ස්තුති වන්ත වෙනවා.ලැප්ටොප් එක $800ක් වුණා ඔක්කොම හෙව්වේ ෆයිවර් එකෙන් ටැක්ස් වලට ගෙව්වෙත් Fiverr එකෙන් හම්බ කරපු සල්ලි වලින්. මම තාම ඉගෙන ගන්නවා ඒත් Fiverr එකට පිං සිද්ද වෙන්න මම මගේ වැඩ කරගන්න ගමන් ගෙදරටත් සලකන්න පුළුවන් වුණා.දැන් ඉතින් ජොබ් එකක් සෙට් නොවුණත් Fiverr එකෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වයක් තියෙනවා.
මම මේ හැමදේම කිව්වේ e-money වලට පිවිසෙන්න බලාගෙන් ඉන්න අයට පොඩි ආශාවක් ඇති වෙන්න. e-money කියන්නේ බොරුවක් නෙවෙයි.ඇඩ් ක්ලික් කර කර බොරුවට මහන්සි වෙන්න එපා.අනික ලංකාවේ e-money මුදලාලිලාට අහුවෙන්නත් එපා.සිංහල බ්ලොග් සර්ච් කරලා බලන්න ඕනෙතරම් ලිපි ඇති e-money ගැන.
Fiverr පටන් ගන්න කවුරු හරි ආශාවෙන් ඉන්නවා නම් මුලින්ම Iplus blog එක කියවන්න.තව උදව් ඕනෙ නම් ලසන්ත අයියා ප්‍රමුඛ facebook fiverr club group එකට සෙට් වෙන්න.
අනික Fiverr එකෙන් කියලා නිකන් හම්බ කරන්නත් බෑ.උනන්දුව ආශාව වගේම මහන්සි වෙලා වැඩ කරන්නත් පුළුවන් වෙන්න ඕනෙ.මුලින් මොනව හරි ඉගෙන ගන්න.ග්‍රැෆික් ඩිසයින් මම කරන්නේ ඒ වගේ ඔයාලගෙ හැකියාව අනුව කැමති දෙයක් කරන්න පුළුවන්.
මම හිතන් ඉන්නේ තවත් Fiverr ලිපි දෙක තුනක් ලියන්න. Iplus ගේ ලිපි මාලාව බලන්න.ඒ හොදටම ඇති අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට.
එහෙනම් Iplus ට, fiverr club group එකේ හැමෝටම අසංකට,ක්‍රිෂ්ට වගේම උදව් කරපු හැමෝටම ස්තුතියි කියන ගමන් ගිහින් එන්නම්.

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner