Thursday, December 22, 2011

රාජපක්ෂ ආණ්ඩුව සරසවි සිසුන් දස දහසකගේ මානව අයිතීන් කඩකරයි





ලොව ජීවත් වෙන සෑම මිනිසෙකුටම හිමිවන මානව අයිතීන් අතර කැමති තැනක නිදහසේ ඇවදීම හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය සෑම මිනිසෙකුට හිමිය.එහෙත් පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ එම අයිතිය රාජපක්ෂ ආණ්ඩුව විසින් කඩකරන ලදී.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් පසුගිය 21 දින විශ්ව විද්‍යාලයේ සිට කොළඹ දක්වා පෞද්ගලික විශ්ව විද්‍යාල පනතටඑරෙහිව සංවිධානය කර තිබූ විරෝධතා පාගමන අධිකරණ නියෝගයක් මගින් වළක්වන ලදී.එය සිසුන්ගේ මූලික අයිතීන් අමු අමුවේ කඩකිරීමකි.සිසුන්ට විරෝධය දැක්වීමට නොහැකි වුවද සිසුන්ගේ දෙමව්පියන් යැයි කියාගත් පළාත්සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සහ කුලියට ගත් එස්.බී ඇමතිවරයාගේ හෙන්චයියන් පිරිසකට සරසවි සිසුන්ට එරෙහිව උද්ඝෝෂණය කිරීමට මෙරට ශුද්ධවූ අධිකරණයෙන් අවසර ලැබී ඇත.නීතිය සරසවි සිසුන්ට වෙනම හැන්දකින් බෙදා තිබේ.එය මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පීළිබද බරපතළ සැක සංකාමතුකරවන්නකි.
අනික් අතින් මෙරට ජනතාවගේ චින්තනමය ශක්තිය පීළිබදව බරපතල ගැටළුවක් ඇත.සාක්ෂරතාව සියයට අනූ නවයක් වුවාට චින්තනමය හැකියාව ඇත්තේ බින්දුවේය.මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කර නිදහස් අධ්‍යාපනය විනාශ කර හෙට උපදින දරුවන්ට ලක්ෂ 60 පමණ දී උපාධියක් ගැනීමට සිදුවන කාලය අත ළග ඔවුන්ට වැටහෙන්නේ නැත.ඔවුන්ට පේන විදියට මේ විශ්ව විද්‍යාලකාරයෝ අණ්ඩුවේ සල්ලි විනාශ කර කාල බීල පාඩුවේ ඉගෙනගන්නේ නැතුව කරන පිස්සු වැඩය.ඔව් අපට පාඩුවේ ඉගෙනගත හැක.එහෙත් අපට පැවරුණ වගකීමක් ඇත.ඒ අප භුක්තිවිදි නිදහස මතු අනාගතයට ඉතිරිකර දීමයි.ඔබගේ දරුවන්ට මතු අනාගතයේ නිදහසේ අධ්‍යාපනයේ යෙදීමට ඇති අයිතිය තහවුරු කරදීමටය.
අද අපිට බැදි මේ කම්බිවැටවල් හෙට ඔබට බැදෙන දිනය වැඩි ඈතක නොවේ....

Friday, December 16, 2011

පෞද්ගලික සරසවි හා සිසු මර්දනය


මේ එළඹ තිබෙන්නේ සත්‍ය යට ගොස් අසත්‍ය රජ කරනා කාලයයි.රාජ්‍ය අධිකාරි බලය විසින් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාදාමයන් සමාජය තුළ සර්වසාධාරණීය ක්රිරයාවන් බවට පරිවර්තනය කරමින් සිටී.රටේ විසදිය යුතු දහසකුත් ප්‍රශ්න තිබියදී ආණ්ඩුව ස්වකීය බලය ආරක්ෂාකරගැනීමට හා කිහිපදෙනකුගේ සුඛවිහරණය තකා විවිධ අත්තනෝමතික ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටියි.
ආණ්ඩුව වරෙක පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට ගොස් ඇණගත්තේය.දැන් එළවළු කූඩයක් නිසා ඇණ ගනිමින් සිටියි.මීළගට ආණ්ඩුව සැරසෙන්නේ මීට කලින් සිටි ආණ්ඩු පවා ඇණගත් තැනකින් ඇණගැනීමටයි.ඒ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීමට උත්සහයෙනි.එස්.බී.දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත්වූ දා සිට ඔහුගේ සියළු ක්‍රිදාමයන් භ්‍රමණය වන්නේ මේ කරුණ නාභිගත කරගනිමිනි.උසස් අධ්යාපපන ඇමතිවරයා ලෙස ඔහුට පැවරී ඇති වර්තමානයේ කාර්ය වී ඇත්තේ නිදහස් අධ්‍යාමපනය සුරකීම නොව මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය.ඒ අනුව මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකාරීමේ හා අධ්‍යාපනය කප්පාදු කිරීමේ නිල කොන්ත්‍රාත්කරුවා ලෙස කටයුතු කරන එස්.බී.දිසානායක පෙරට දමා ආණ්ඩුව මෙරට වීශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවිධ ප්‍රශ්න මවමින් සිටියි.ඒ තුළ ඇත්තේ ඔබ එදිනෙදා පුවත්පතින්,රෑපවාහිනියෙන් හා ගුවන්විදුලියෙන් අත්දකින දේශපාලනයට එහා ගිය දේශපාලනමය කියවීමකි.
“ශක්තිය ලැබෙන්නේ කායික හැකියාව තුළින් නොවේ.පරාජය කළ නොහැකි අධිෂ්ඨාණය තුළිණි”
-මහත්මා ගාන්ධි-

මෙරට ප්‍රථම වරට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමේ උත්සහය ඇරඹෙන්නේ 1985 දී පෞද්ගලික උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමත් සමගය.එම උත්සහය එවකට සිටි සිසුන් දහස් ගණනකගේ අපිරිමිත වූ උත්සහය හා ජීවිත පරිත්‍යාගය ගය නිසා වැළලී ගියේය.ත්‍රීමා විතාරණ,වෙනුර එදිරිසිංහ ආදීන් ශිෂ්‍ය වීරයන් ලෙස අදද සැලකුම් ලබන්නේ එම සටනේදී කළ ජීවිත පරිත්‍යාගය නිසා වෙනි.
එසේ මුලින්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමේ උත්සහය පරාජය කිරීමට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට හැකි විය.ඉන් අනතුරුව පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම සඳහා දැරූ තවත් උත්සාහයක් 2001 වසරේදී වාර්තා විය. මෙ‍ම උත්සාහය පිළිබඳ පළමු සලකුණ වුයේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම සඳහා ඉඩ කඩ සපයන නව පණතක් ගෙන ඵ්මට උසස් අධ්‍යාපන හා තොරතුරු අමාත්‍යංශය සුදානම් වන බව ඵම අමාත්‍යංශ‍යේ ලේකම් මහාචාර්ය ආර්.පී ගුණවර්ධන 2001 ඡනවාරි 23 වන දා උසස් තනතුරු දරනන් පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී පැවසීමයි.මෙම උත්සහයද ශිෂ්‍ය විරෝධය නිසා හකුළා ගැනුණි.
මෑත කාලීනව පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම පිළිබද කතාබහ ඇරඹෙන්නේ එස්.බී.දිසානායක ඇමතිවරයා උසස් ඇමතිවරයා ලෙස පත්වීමත් සමගය.මෙතෙක් කාලයක් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම හොර රහ‍සේ කිරීමට උත්සහ දැරුවත් එස්.බී ඇමතිවරයා එය සිය ප්‍රතිපත්තියක් වශයෙන් සලකා කටයුතු කරන්නට විය.ඒ අනුව ඔහු පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමට අවශ්‍ය පසුබිම සකස්කිරීම ආරම්භ කළේය.
ඒ අනුව මෙරට සරසවි පද්ධතිය තුළ ගැටුම්කාරී වාතාවරණයන් ඇතිකිරීමට පටන් ගැනුණි.ඒ අනුව

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේයේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීම

සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීම

කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ට මැර ප්‍රහාර එල්ල කිරීම

රුහුණ විශ්ව විද්‍යාලයේ බස්රථ වලින් නේවාසිකාගාරවලට යමින් සිටි සිසුන්ට මැර ප්‍රහාර එල්ල කිරීම

ඉහත විශ්ව විද්‍යාගවල තුළ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් අභ්‍යන්තර ශිෂ් ගැටුම් ඇතිකිරීම

එස්.බී ඇමතිවරයාට එරෙහිව හා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සාමකාමීව විරෝධය පළ කල සිසුන් හය දෙනෙකුට සහ ශිෂ්‍ය භික්ෂූන් දෙනමක් රකෂිත බන්ධනාගාර ගත කිරීම

නවකවධය මුවාවෙන් සිසුන් සිරගත කිරීම හා පංති තහනම්වලට ලක් කිරීම

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවායි සිසුන්ට දඩුවම් කිරීම

වැනි දහසකුත් කුමන්ත්‍රණ සරසවි සිසුන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.මෙකී ශිෂ්‍ය මර්දනය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය තුල වැඩිපුරම ක්‍රියාත්මක විය.එහිදී එම විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍යය සංගම් තහනම් කර ඇති අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ය තුළ මළ ගෙදරකට ගියද පංති තහනම් කරන,ශිෂ්‍යාවන්ගේ කන්‍යා භාවය පරීක්ෂා කරන,රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවායි පළමු වසර සිසුන්ගේද පංති තහනම් කරන මට්ටමට පැමින තිබේ.එමෙන්ම සෞන්දර්ය විශ්ව විද්‍යාලය තුළ කැමරා සවිකිරීම,කොළඔ විශ්ව විද්‍යාල‍යේ රාත්‍රීකාලයේ විශ්ව විද්‍යාලය තුළ රැදී සිටීම තහනම් කිරීම ආදිය සිදුකරමින් විශ්විද්‍යාල පාසල් මට්ටමට පත්කරමින් සිටියි.රක්නා ලංකා ආරක්ෂක සේවය අධික මුදල් නාස්තියක්ද කරමින් විශ්වවිද්‍යාල තුලට ගෙන එන්නේ මේ ශිෂ්‍ය මර්දනයේ පියවරක් වශයෙනි.නායකත්ව පුහුණුව යැයි කියමින් ආණ්ඩුවේ සුවච කීකරු ගෝලයන් පිරිසක් විශ්විද්‍යාලයව ඇතිකිරීමට උත්සහ ගන්නේද මෙ ක්‍රියාදාමයේ තවත් අංගයක් වශයෙනි.
මේ අනුව වර්තමානය වන විට ශිෂ්‍ය මර්දනය ඉතාමත් දැඩිව සරසවි තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.මෙසේ සිසුන් මර්දනය කිරීම තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු දෙකකි

සරසවි සිසුන් පිළිබදව සමාජය තුළ අහයපත් ආකල්පයක් ඇති කිරීම

සරසවි සිසුන් තුළ ඇති සිසු එකමුතුව බිදහෙළීම

මේ අනුව සරසවි සිසුන් තුළ ඇති ශිෂ්‍ය එකමුතුව බිදහෙළීම තුළින් සිසුන් අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිවීම වැළැක්වීමටද සරසවි සිසුන් පිළිබදව සමාජය තුළ අහයපත් ආකල්පයක් ඇති කිරීම තුළින් විරෝධය දක්වන සිසුන්ගේ හඩ,අදහස් සමාජය තුළ නිෂ්ක්‍රීය කරදැමීමද ආණ්ඩුවේ අදහසයි.
මෙකී සමස්ත ක්‍රියාදාමයට අවශ්‍ය සියළුම පාර්ශව මේ වන විට සරසවි සිසුන්ට එරෙහිව කදවුරු බැද අවසන්ය.එහිදී මාධ්‍ය ආයතන,විශ්ව විද්‍යාල පරිපාලනය,පොලීසිය,ආණ්ඩුවේ මැරයන් හා හුදු පෞද්ගලික වාසිතකා ආණ්ඩුවේ දංකුඩ කන විශවිද්‍යාල සිසුන් කිහිපදෙනකුද මේ සදහා පෙරමුණ ගෙන සිටියි.
මෙවනි වාතාවරණයක් තුළ එකී ක්‍රියාදාමයේ තුච්ඡ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නිර්දෝෂී සිසුන් හයදෙනෙක් දංගෙට යැවීමට මේ ආණ්ඩුව ප්‍රයත්න දරමින් සිටියි.ඒ නවක සිසුවකුටලිංගික අපචාර සිදුකළා යැයි යන පදනම් විරහිත අභූත චෝදනවක් මුල් කරගෙනය.
පසුගිය කාලය තුළ මාධ්‍ය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට පවා කැළලක් ඇතිවන අයුරින් අභූත ප්‍රවෘත්ති පළ කරන ලදී.වරෙක ගැහණු ළමුන් නිරුවත් කර නවකවධය දීමක් විශ්වවිද්‍යාලයේ විනයපාලකවරයාගේ අතටම ගැහැණු වැසිකිළියක් තුළදී හසුවුණායැයි පළ කරන ලදී.ඒ ගැන සිසුන් කරන ලද විමසීමේදී විනයපාලකවරයා පවැසූයේ එවැනි සිද්ධියක් තමා නොදන්නා බවය.එක් අතකින් මෙය සිනහවට කරුණකි.කාන්තා වැසිකිළියක් තුළට රිංගීමට තරම් විනයපාලක වරයාට තිබුණු අවශ්‍යතාවය සිතාගත නොහැක.තවත් චෝදනාවක් වූයේ පළමු වසර සිසුන් විශාල පිරිසක් මේ වන විට විශ්වවිද්‍යාලය අතහැර ගොස් ඇති බවයි.එහෙත් එසේ ගිය එකදු ශිෂ්‍යයකු පිළිබද වත් නිවැරදි දත්ත සහිතව තොරතුරු ඉදිරිපත් කිරීමට මේ මධ්‍ය වලට හැකියාවක් නොමැත.ඒ එම සියලු චෝදනා පදනම් විරහිත චෝදනා නිසාවෙනි.මෙකී අභූත චෝදනාවල ඊළග චෝදනාව වන්නේ ඉහත කී පදනම් විරහිත ලිංගික අපචාර චෝදනාවයි.

මේ අභූත චෝදනාවට දංගෙට යැවීමට සූදානම්වන අහිංසක සිසුන් හය දෙනා නිදහස් අධ්‍යාපන‍යේ උරුමය නිසාම උසස් අධ්‍යාපන වරම් ගත් දුප්පත් අම්මලා තාත්තලගේ දරුවන්ය.එහෙත් අද ඔවුන් සුපිරි පැලැනිතියේ නූගත් පියරු බබාලට පෞද්ගලික සරසවියක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරුවන්ගේ බිල්ල වී දංගෙට යැවීමට පිඹරුපත් ඇද අවසන්ය.ඇදුම රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගත වූ ඇදුම රෝගියා රුපියල් සත වලට වහ වැටී අද රාජ්‍යෙය් ආරක්ෂාව යටතේ ලිංගික අපචාරයට ගොදුරු වූ මානසික රෝගියකු වී ඇත.රෝහලේ විශේෂිත වෛද්‍යවරුන්ට පිරිසකට පමණක් පමණක් පරීක්ෂා කිරීමට හැකි වෙන කිසිවකුට ළගට වත් යා නොහැකි මේ රෝගියා මහරජු තමාගේ උපන්ගමේ වූ නිසාවෙන් මහාරාජ බාප්පාගේ පැළන්තියේ තවත් පරපුරකට උපාධිලෝගුව ඇන්දවීමට කිසිදු වරදක් නොකළ නිර්දෝෂී නිර්ධන පංතියේ අහිංසකයන් පිරිසක් දංගෙට යැවීමට සූදානම්ය. අසනීප වූ වෙලාවෙ බත් එක ළගට ගෙනත් දුන් වරදට තවත් අහිංසකයකුට හිරබත් කැවීමට සූදානම්ය.තමාගේ ඇමතිකම ආරක්ෂා කරගැනීමට,උපකුලපතිකම ආරක්ෂා කරගැනීමට,තම තනතුර ආරක්ෂා කරගැනීමට අහිංසක ජීවිත හයක ජීවිත කාලකණ්ණි කිරීමට මේ නරුමයන් සූදානම්ය.මිනීමස් සොයන මාධ්‍ය කාක්කන්ට විකිණීමට ජීවිත හයක් කාලකණ්ණි කිරීමට අවශ්‍යව තිබේ.පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පාදම දැමීමට ජිවිත හයක් බිල්ලට අවශ්‍යව තිබේ.අහිංසක අම්මලා හය දෙනකුගේ ලේ,කදුළු දැකීමට මේ නරුමයන් මග බලා සිටිති....

මේ ඒ මහා පාවාදෙන්නන්ගේ හෝරාවයි......

මේ ඒ නරුමයන්ගේ හෝරාවයි.......

එහෙත් අප ඒ නරුමයන්ට එය ඔවුන්ගේ හෝරාව කරගැනීමට ඉඩදිය යුතුද?

එය ඔබේත් මගේත් ප්‍රශ්නයයි..

නිදහස් අධ්‍යාපනයේ වරම් භුක්ති විදි අයගේ ප්‍රශ්නයයි...

හදවතක් ඇත්තවුන්ගේ ප්‍රශ්නයයි........

දැන් එළැඹ තිබෙන්නේ අසත්‍ය පළවාහැර සත්‍ය රජ කරවිය යුතු කාලයයි...

එය ඔබේ හෝරාවයි............

Monday, December 12, 2011

පෞද්ගලික සරසවි ....


උසස් අධ්‍යාපනය බාර ඇමත්තා සිය අධෝ මුඛය නැවත වතාවක් විවෘත කර ඒ අසලම තැන්පත් කර ඇති ස්වකීය මෂ්තිස්කයට ගැලපෙන ප්‍රකාශයක් කර තිබේ.විශ්වවිද්‍යාලවල සාමය ‍රැකීමට ඒවා තුල පොලිසී පිහිටවන බව ඔහු කියයි.

මීට ප්‍රථමයෙන් ලංකාවේ සරසවියක් තුල පොලිස් ස්ථානයක් පිහිටවූයේ 1984 දී වන අතර සිසුවෙකුගේ ජීවිතයක් බිල්ලට ගැනීමෙන් අනතුරුව එය ඉවත් කර ගැනීමට ජූනියස් ජයවර්ධනට සිදු විය.දහසකුත් එකක් පීඩනයන්ට යට වී අධ්‍යාපනය ලබන ,ඒ නිසාම ආවේගශීලි හා කැරලිකාර සරසවි සිසුන් පාලනයට පොලිසීය යෙදවීමට, එවන් වූ සිසුන් දහස් ගණනක් වෙසෙන සරසවි තුල පොලිසි පිහි‍ටුවීමට සිතන්නේ අංශු මාත්‍රයක්වත් මොලයක් ඇති අයෙක් විය නොහැක. නමුත් අප රටේ පාලකයින් සිතන්නේ එලෙසය. උන්ට ඡන්දය දෙන චන්දදායකයිනුත් උන්ට දෙවැනි නැත. කරන තරමක් කරන්නේ ගොන් කම්ය.

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner