Monday, December 12, 2011

පෞද්ගලික සරසවි ....


උසස් අධ්‍යාපනය බාර ඇමත්තා සිය අධෝ මුඛය නැවත වතාවක් විවෘත කර ඒ අසලම තැන්පත් කර ඇති ස්වකීය මෂ්තිස්කයට ගැලපෙන ප්‍රකාශයක් කර තිබේ.විශ්වවිද්‍යාලවල සාමය ‍රැකීමට ඒවා තුල පොලිසී පිහිටවන බව ඔහු කියයි.

මීට ප්‍රථමයෙන් ලංකාවේ සරසවියක් තුල පොලිස් ස්ථානයක් පිහිටවූයේ 1984 දී වන අතර සිසුවෙකුගේ ජීවිතයක් බිල්ලට ගැනීමෙන් අනතුරුව එය ඉවත් කර ගැනීමට ජූනියස් ජයවර්ධනට සිදු විය.දහසකුත් එකක් පීඩනයන්ට යට වී අධ්‍යාපනය ලබන ,ඒ නිසාම ආවේගශීලි හා කැරලිකාර සරසවි සිසුන් පාලනයට පොලිසීය යෙදවීමට, එවන් වූ සිසුන් දහස් ගණනක් වෙසෙන සරසවි තුල පොලිසි පිහි‍ටුවීමට සිතන්නේ අංශු මාත්‍රයක්වත් මොලයක් ඇති අයෙක් විය නොහැක. නමුත් අප රටේ පාලකයින් සිතන්නේ එලෙසය. උන්ට ඡන්දය දෙන චන්දදායකයිනුත් උන්ට දෙවැනි නැත. කරන තරමක් කරන්නේ ගොන් කම්ය.

3 comments:

harsha bandara said...

site 1 wenas karapu eka hodai,,, lassanai.. bt ai machooo yanna bari site walata yanna puluwan link 1 ain kale.. eka aith danna

ravinumal said...

පාලකයන් උනාම, තමන් ගෙවපු සොඳුරු තාරුණ්‍යය, සරසවියේ මිහිරි මතකය ඔය ගොන් දේශපාලුවන්ට අමතකව ගියහම ගන්න අමන තීරණ.

Ruwan said...

ඉතින් මේකේ වැරැද්ද මොකක්ද? පොලීසි‍යක් තිබ්බ කි‍යලා ඉගෙන ගන්න බැරිවෙන්නේ නැනේ. අනික රටක පොලීසි‍යක් පිහිටවන්න බැරි මුදා නොගත් කලාප තිබ්බේ ඉස්සර. කැම්පස් ආවනම් පාඩුවේ ආව වැඩේ කරගෙන ‍යන්න ඕනේ. නිකම් " කටින්" රට හදන්නේ නැතුව.

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner