Wednesday, August 22, 2012

සුදු බංඩා මගේ දෙවෙනි ජොබ් එකටත් කෙළියා......!!!!


උසස් අධ්‍යාපනය දිවිහිමියෙන් සුරකීමට උපන් ආපේ රටේ මෙතෙක් ඉතිහාසයේ පහළ වුණ බුද්ධිමත්ම උසස් අධ්‍යාපන ඇමතිවරයා මගේ දෙවනි ජොබ් එකටත් කෙළවීම නිමිත්තෙන් ඇතිවූ ඉවසාගත ගත නොහැකි ප්‍රීතියෙන් මේ ලිපිය ලියමි.

ටක් ගාල විස්තරේ කියන්නම්.මොකද අපිව අල්ලන්න පොලීසියෙන් කොයිවෙලේ පනියිද දන්නේ නෑ.එන්න කලින් කොහෙට හරි පැන ගන්න ඕන.පන්සලකට වත්.

පළවෙනි ජොබ් එක

කැම්පස් එකේ සිකුරිටි.ඉගෙන ගන්න ගෙදරින් දෙන සල්ලි මදි නිසා නොකර බැරි තැන කීයක් හරි හොයාගෙන පාඩම් වැඩ ටිකත් කරගන්න කරපු ජොබ් එක.මාස 3 යි.ආව රක්නා ලංකා.හමුදාවන් අයින් වුණ අය පමණයි.අපිට හම්බවුණ පඩිය වගේ දෙගුණයයි.මුල්ම වතාවට සුදු බංඩා මට කෙළියා.

දෙවෙනි ජොබ් එක

ඉන්ටර්නෙට් මනි.කලේ ෆයිවර්.ලෝගෝ හදලා සැළතිය යුතු ගාණක් හොයා ගත්තා.ස්ට්‍රයික් පටන් ගත්තා සර්ලගේ.ඒත් ගෙදර ගියොත් 3G සිග්නල් නැති නිසා රසම රස කැන්ටිමේ බත් කකා ලෝගෝ හැදුවා.ඊයේ කැම්පස් වැහුවා.ඒත් ගෙදර යන්න වෙයි කියලා හිතුවේ නෑ.මෙන්න අද හවස 2 විතර නෝටිස් කරලා හවස 5 කලින් හොස්ටල් එකෙන් අයින් වෙන්න කියලා.2 පිටත් වුනොත් බස් නැති නිසා ගෙදර තමයි ඉන්න වෙන්නේ.ඒත් රෑට පොලීසියෙන් එනවලු.ඉන්න කටිටිය ගෙනියන්න.ඒ නිසා යන්නම වෙනවා.බාර ගත්ත ඕඩර් එහෙම්ම.නෙගටිව් ෆීඩ්බැක් ලෝකයක් හෙට වෙන කොට.එතනින් ලෝගෝ හදලා ඉවරයි.
ඔන්න ඔහොමයි දෙවනි ජොබ් එකටත් කෙළියේ සුදු බංඩා.එහෙනම් මම ගියා.පොලිසියේ මාමලා ලංකාවේ ලොකුම හොරු ටික අල්ලන්න එනවා නේ.එහෙනම් ගිහින් එන්නම්.
බායි.

සුදු බංඩා මගේ දෙවෙනි ජොබ් එකටත් කෙළියා

Friday, August 3, 2012

හා හා පුරා කියල ගත්තේ Lighter එකක්


ගොඩකාලෙනින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න බැරිවුණා.මම අද හිතුවා මම අන්තර්ජාලයෙන් හොයපු සල්ලිවලින් කරපු මුල්ම ගණුදෙනුව ගැන කියන්න.මම මුලින්ම නෙට් එකෙන් සල්ලි හොයන්න බැස්සේ ඇඩ් ක්ලික් කරලා.ඒත කාලයක් යනකොට ඒක එපා වුණා ඒකෙන් කීයක් වත් හම්බ කළෙත් නෑ.ඊළගය ගියේ microworkers වලට එකෙන් තමයි නෙට් එකෙන් කියලා මුලින්ම කීයක් හරි හොයාගත්තේ ඒකටත් කාලයක් මහන්සි වෙන්න වුණා.

අන්තිමට ඕකෙ වැඩකරලා හම්බවුණ ඩොලර් 10 alertpay එකට දාගත්තා.දැන් ඉතින් ඕකෙන් වැඩක් ගන්නකම් ඉවසිල්ලක් නැතිව හිටියේ.අන්තිමට ජංජාලෙම සේර්ච් කරලා alertpay එකෙන් බඩු ගන්න පුළුවන් සයිට් එකක් හොයාගත්ත.ඒකෙ නම lrapshop. ගිහිල්ලා බැලුවා මොනවද ගන්න තියෙන්නේ කියලා.ඩොලර් 10ට ඉතින් රටක් වටින බඩු නෑ නේ.හොයනකොට හිතට අල්ලුවා Lighter එකක්.අනේ මන්ද සංසාරේ පුරුද්දකටද කොහෙද ගන්න මයි හිතුනේ.ඕන දෙයක් වෙච්චදෙන් කියලා ඕඩර් කළා.ඩොලර් 7යි.ගාණ ගැන හිතුනේ නෑ මුලින්ම ගන්න දේ නිසා මොකක් හරි ගන්නයි ඕන වෙලා තිබුණේ.ෆොටෝ එකේ තියෙන්නේ මම ගත්ත Lighter එක.

ගත්ත වගේ නෙවෙයි එතනින් පස්සේ තමයි වැඩේ මේක ආවේ ගෙදරට නේ...ප්‍රශ්න ලෝකයයි.මේකෙන් කරන්නේ සිගරට් පත්තු කරන එක විතරක් නෙවෙයි නේ...ඒත් ඉතින් හැමෝම ඕක තේරුම් ගන්නේ නෑ නේ...කොහොම හරි ඉතින් අන්තිමට කට නිසා ජාමේ බේරගත්තා...

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner