Friday, August 3, 2012

හා හා පුරා කියල ගත්තේ Lighter එකක්


ගොඩකාලෙනින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න බැරිවුණා.මම අද හිතුවා මම අන්තර්ජාලයෙන් හොයපු සල්ලිවලින් කරපු මුල්ම ගණුදෙනුව ගැන කියන්න.මම මුලින්ම නෙට් එකෙන් සල්ලි හොයන්න බැස්සේ ඇඩ් ක්ලික් කරලා.ඒත කාලයක් යනකොට ඒක එපා වුණා ඒකෙන් කීයක් වත් හම්බ කළෙත් නෑ.ඊළගය ගියේ microworkers වලට එකෙන් තමයි නෙට් එකෙන් කියලා මුලින්ම කීයක් හරි හොයාගත්තේ ඒකටත් කාලයක් මහන්සි වෙන්න වුණා.

අන්තිමට ඕකෙ වැඩකරලා හම්බවුණ ඩොලර් 10 alertpay එකට දාගත්තා.දැන් ඉතින් ඕකෙන් වැඩක් ගන්නකම් ඉවසිල්ලක් නැතිව හිටියේ.අන්තිමට ජංජාලෙම සේර්ච් කරලා alertpay එකෙන් බඩු ගන්න පුළුවන් සයිට් එකක් හොයාගත්ත.ඒකෙ නම lrapshop. ගිහිල්ලා බැලුවා මොනවද ගන්න තියෙන්නේ කියලා.ඩොලර් 10ට ඉතින් රටක් වටින බඩු නෑ නේ.හොයනකොට හිතට අල්ලුවා Lighter එකක්.අනේ මන්ද සංසාරේ පුරුද්දකටද කොහෙද ගන්න මයි හිතුනේ.ඕන දෙයක් වෙච්චදෙන් කියලා ඕඩර් කළා.ඩොලර් 7යි.ගාණ ගැන හිතුනේ නෑ මුලින්ම ගන්න දේ නිසා මොකක් හරි ගන්නයි ඕන වෙලා තිබුණේ.ෆොටෝ එකේ තියෙන්නේ මම ගත්ත Lighter එක.

ගත්ත වගේ නෙවෙයි එතනින් පස්සේ තමයි වැඩේ මේක ආවේ ගෙදරට නේ...ප්‍රශ්න ලෝකයයි.මේකෙන් කරන්නේ සිගරට් පත්තු කරන එක විතරක් නෙවෙයි නේ...ඒත් ඉතින් හැමෝම ඕක තේරුම් ගන්නේ නෑ නේ...කොහොම හරි ඉතින් අන්තිමට කට නිසා ජාමේ බේරගත්තා...

9 comments:

Dilan Leelarathna said...

මමත් මුලින්ම ගත්තේ බුක් රීඩර් (පොත උඩින් ක්ලිප් කරලා රෑට පොත් කියවන ලයිට් එකක්) එකක්. ඩොලර් 3 ක් ගියා. ඒකට දාන බැටරි වලටත් රුපියල් 200 ක් විතර යනවා. ඒ ගාන වියදම් කරල බැටරි දාලත් ගොඩක් කල් පාවිච්චි කරන්න බැහැනෙ. ඔරලෝසු බැටරි තියෙන්නේ. ඒකයි. මෙලෝ රහක් නැහැ. ඇත්තටම යමක් ගන්න කලින් ගොඩක් දේවල් හිතන්න ඕන කියල මට හිතුනා ඒකෙන්. මම ගත්ත සයිට් එක www.tmart.com. ඒකේ අඩුවට ගන්න දේවල් තියෙනව කියල හිතෙනවා. ජය වේවා!

Unknown said...

ehema wechcha 1th hodai. Nethnam me post 1 wetenne nehene. Monawa kiwwath ithin lipa paththu karanna gaththe nehene. 7$ dela gaththa 1.

සමනලයා said...

@Dilan
ඔව් බං මටත් ඔහොම සීන් වෙලා තියෙනවා.බඩුව ගෙදරට ආවට පස්සේ තමයි තේරෙන්නේ වැඩක් නෑ කියලා

සමනලයා said...

@hasitha දන්නෝ දනිති...හි..හි

සංකල්ප said...

ලයිටරයක් ගත්තා වගේ සිගරට් පෙට්ටියකුත් ගත්තා නම් හරි නේ !!! :)

Unknown said...

Zippo ලයිටරයක් ඔය වගේ ගෙන්නලා ගෙදර උන්දැ දෙමව්පියෝ ඉස්සරහම ඒක දිගෑරලා සායම ගියා.....

සමනලයා said...

@ මධුරංග
එහෙනම් ඉතින් ප්‍රවෘත්තියක් යයි හොරෙ සිගරට් තොගයක් රේගුවෙන් ඇල්ලුවා කියලා

@ අපිට නම් ඉතින් ගෙදර උන්දලා නෑ නේ

හිස් අහස said...

ලයිටරේ නම් මරේ මරු ..

my name is amaya,I am Computer Graphics Designer, Web Designer, Programmer, Hardware and Software Engineer from colombo, srilanka. said...

hi...visit my web sites
http://mylikegame.blogspot.com/
http://mysoftwarelk.blogspot.com/
http://mylikeplace.blogspot.com/
http://myliketrix.blogspot.com/

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner