Sunday, March 27, 2011

සොඳුරු බොරු



ඔළුව නටවලා කොන්ඩයද පැද්දෙන්න
මායාකාර කිචි බිචිය දොඩවන්න
විටෙක,
හැඩුම්බර වදන් තෙපලන්න
උරහිස හකුළලා
නිදිබර ඇස් දෙකෙන් නොබලා-බලන්න

ඔව් මමත් කැමති ඔය බොරුව ඇතුළෙ වල්මත් වෙන්න

පොත් රාක්ක අතර
ඇඟේ හැපි හැපී පොත් තෝරන්න
නමවත් නොදන්න පොතක් අරගෙන
අර්ථයක් නැතුවම සෙමෙන් කියවන්න
කමක් නෑ එතකොට
හොඳට තේරුම්ගත්ත වගේ පෙන්නන්න

ඔව් මමත් කැමති ඔය බොරුව ඇතුළෙ වල්මත් වෙන්න

කුහුඹුවෙකුට උනත්
අතිශයෝක්තියෙන් බිය වෙන්න
මල් පෙති රැගෙන සිනිඳු ව
අසීමිත සෙනෙහසක් ඒ මත්තෙ තවරන්න

ඔව් මමත් කැමති ඔය බොරුව ඇතුළෙ වල්මත් වෙන්න

බොරු ගොන්නම උනත් ඔය
හදවත ඇතුළෙ ගොඩනගන සත්යවය

කමක් නෑ ඔබ දන්නැතුවම වගේ ඉන්න


(කවිය-දමිත් උදයංග දහනායක)

Tuesday, March 22, 2011

නොමි‍ෙල් ADA DERNA NEWS ALERT ඔබේ ජංගම දුරකථනයට



බොහෝ විට ජංගම දුරකථන වලට NEWS ALERT ගෙන්වා ගන්න මුදලක් අය කරනවා ඒත් මේ ක්‍රමයේ දී එහෙම නෑ..නොයිලේම ගෙන්වා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ පොඩි වැඩක්..මුලින්ම FACEBOOK LOG වෙල‍ා ADA DERANA ඔයාලගෙ FRIEND කෙනෙක් කරගන්න.ඊට පස්සේ FACEBOOK TEXT MESSAGES වල REGISTER වෙන්න..දැන් ඔබට ADA DERNA NEWS ALERT නොමිලේම ලැ‍බේවි.මේ ක්‍රමයේදී අනවශ්‍ය MESSAGES එන්න පුළුවන් ඒ නිසා අළුත් FACEBOOK ACCOUNT එකක් හදාගෙන ඒකට ADA DERNA විතරක් ADD කරගත්තම ඒ කරදරෙත් නෑ..


ප්‍රතිචාරයක් දාල යනවනම් ලොකූ හයියක්...

Sunday, March 20, 2011

ධර්මද්වීපය


ටාං..
ටාං..
ටාං..
ටාං..
ඩො ංං...
ඩො ංං...
ඩො ංං...
ඩො ංං...

(කවිය-කුමාර හෙට්ටිආරච්චි)

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner