Sunday, March 27, 2011

සොඳුරු බොරු



ඔළුව නටවලා කොන්ඩයද පැද්දෙන්න
මායාකාර කිචි බිචිය දොඩවන්න
විටෙක,
හැඩුම්බර වදන් තෙපලන්න
උරහිස හකුළලා
නිදිබර ඇස් දෙකෙන් නොබලා-බලන්න

ඔව් මමත් කැමති ඔය බොරුව ඇතුළෙ වල්මත් වෙන්න

පොත් රාක්ක අතර
ඇඟේ හැපි හැපී පොත් තෝරන්න
නමවත් නොදන්න පොතක් අරගෙන
අර්ථයක් නැතුවම සෙමෙන් කියවන්න
කමක් නෑ එතකොට
හොඳට තේරුම්ගත්ත වගේ පෙන්නන්න

ඔව් මමත් කැමති ඔය බොරුව ඇතුළෙ වල්මත් වෙන්න

කුහුඹුවෙකුට උනත්
අතිශයෝක්තියෙන් බිය වෙන්න
මල් පෙති රැගෙන සිනිඳු ව
අසීමිත සෙනෙහසක් ඒ මත්තෙ තවරන්න

ඔව් මමත් කැමති ඔය බොරුව ඇතුළෙ වල්මත් වෙන්න

බොරු ගොන්නම උනත් ඔය
හදවත ඇතුළෙ ගොඩනගන සත්යවය

කමක් නෑ ඔබ දන්නැතුවම වගේ ඉන්න


(කවිය-දමිත් උදයංග දහනායක)

0 comments:

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner