Saturday, September 25, 2010

තනිකම..


හීනියට කම්මුලට තිව්ව හාදුවේ
උණුසුම ව්යකිලා ගිහිල්ලා..
ආදරෙන් බැලුව ඇස්
දැන් අහක බලනවා..
ආදරෙයි කිව්ව මුව
ගොළු වෙලා ගිහිල්ලා..
නුඹට ආදරේ කරපු මම
තකිවෙලා ඉන්නවා....

‍පෙම්වතුන්


සැබැ පෙම්වතුන්
කිසිදා එක් නොවෙයි..
එක් වූ පෙම්වතුත්
සැබෑ පෙම්වතුන් ලෙස
ජීවත් නොවෙයි..
වෙන්වී ගිය වුන්
සදාකාලික පෙම්වතුන් ලෙසට
ජීවත් වෙයි..

ආත්මය...


ඔබ මගේ ආත්මය
සොරකම් කර ඇත..
ඒ නිසා ඔබගේ
ස්වරැපයෙන් එය මට දෙන්න..

Saturday, September 11, 2010

අරගලය..


ලෝකයේ බොහෝ දෙනකුට
ආදරය ප්‍රහේලිකාවකි
ආදරය ප්‍රහේලිකාවක් වන්නේ ඇයි?

ඔබ ළග නැති දෙයක්
එය අවශ්‍ය නැති කෙනකුට
ලබා දෙන්නට සිදුවුවහොත්

එම ක්‍රියාවට පසු
ඔබ මුහුණ දෙන
කටුක යථාර්ථය කුමක්ද?

මිනිසුත් ආදරය කියන්නේ
සත්‍ය වශයෙන්
ලෝකයේ නොපවතින යමක්
සමග කරන අනවරත අරගලයක්ද?

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner