Friday, August 20, 2010

නුඹ දුරයි..


සිහින සිතුවිලි ගලා යන දා..
සුහද සිතුවිලි ඉකි බිදියි
දැනෙන මුත් සෙනෙහස
තවත්..
කුමක් කරමුද
නුඹ දුරයි....

Saturday, August 14, 2010

සුසන්ත..


අධ්‍යාපනෙ විකුණන් කන වෙලාවේ
කොල්ලෝ මරන්නේ ඇයි හත්වලාමේ
පාදඩ හැත්ත කටු කන මහරජාගේ
ජාතක කළේ බල්ලොද මාළිගාවේ

Friday, August 6, 2010

ආදරය+රාගය


රාගය මැළවුණු කුසුමක්
නම්
ආදරය එහි නොමකෙන
සුවදයි..

Tuesday, August 3, 2010

වැහිබර අහස..


වැහිබර බටහිර අහස
ළගයි ගුගුරැවා හඩන්නට
පීඩාකාරී වැහි පබළු කැට
වැටී රිදවනු එපා අසරණ දෙනත
නිරැවත් අහස් කුස දෙස
බලි සිටියත් මුව අයාගෙන
නොහික්මුණු මේ හැන්දැව
පිළිසරණක් නොවේ නුඹට..

Monday, August 2, 2010

ආදරය=යුද්ධය


ආදරය හරියට යුද්ධයක් වලගේ පටන් ගන්න ලේසියි.ඉවර කරන්න අමාරැයි.අමතක කරන්න බෑ...

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner