Saturday, March 31, 2012

සොෆ්ට්වෙයාර් ලෙහෙසියෙන් Portable කරන හැටි



Portable Application ගැන සමහර අය දන්නවා ඇති.සරළව Portable Application එකක් කියන්නේ මොකද්ද කියලා කියනව නම් පරිගණකයට Install කරන්නෙ නැතුව Double Click කරලා Open කරගෙන වැඩ කරන්න පුළුවන් Application එකකට.මේකෙදි අත්වන විශේෂ වාසියක් තමයි පරිගණකය අනවශ්‍ය පරිදි slow නොවීම.ඒ වගේම වැඩිපුර සොෆ්ට්වෙයාර් පරිගණකයට Install කරගන්න අකමැති අයටත් මේ ක්‍රමය වටිනවා.

ඒ වගේම මේකෙ තියෙන විශේෂම වාසිය තමයි අපිට අදාළ සොෆ්ට්වෙයාර් එක ඕනෑම පරිගණකයක Install නොකර වැඩ කරගත හැකි වීම.උදාහරණයක් විදියට පාසලේ හෝ විශ්වවිද්‍යාලේ IT center එකේ අපිට අවශ්‍ය සොෆ්ට්වෙයාර් Install කරන්න දෙන්නේ නැත්නම් Portable Application එක තිබෙනවා නම් ඒක පෙන් එකේ දාගෙන ගිහින් අපිට පරිගණකයට Install නොකර වැඩ කරගන්න පුළුවන්.කරන්න තියෙන්නේ Double Click කරන එක විතරයි.එතකොට අදාළ සොෆ්ට්වෙයාර් එක සාමාන්‍ය පරිදි වැඩ කරනවා.

සොෆ්ට්වෙයාර් Portable කරගන්න භාවිතා කරන හැටි දැන් බලමු.

මුලින්ම cameyo කියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

ඉන් පසුව Cameyo Install කරන්න
ඉන්පසුව Capture Installation උඩ ක්ලික් කරන්න.
Cameyo එක පැත්තකින් තියෙද්දි දැන් ඔබට Portable කරන්න අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක Install කරන්න.
ඉන්පසුව Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක Install වූ පසු Cameyo හි ඇති Install done බට්න් එක ක්ලික් කරන්න.දැන් ඔබට Portable Application එකට ලබාදිය යුතු නම සහ Save වීමට පාත් එක විමසන අතර එය ලබාදී OK කරන්න.දැන් සියල්ල සාර්ථකව සිදු කලේ නම් Success යනුවෙන් පණිවුඩයක් දිස්වේවි
දැන් ඔබ Portable Application එක සේව් වීමට දුන් තැනට ගොස් අදාළ සොෆ්ට්වෙයාර් එක උඩ Double Click කරාම සාමාන්‍ය පරිදි Portable Application වැඩ

Monday, March 26, 2012

Business Card හදමු සල්ලි හොයමු


ඩිසයින් වැඩ කරල සල්ලි හොයන්න පුළුවන් වෙබ් අඩවි ගොඩක් තියෙනවා.
උදාd- fiverr,gigbucks (www.iplusblog.com බලන්න)
ඒත් ඉතින් ඩිසයින් වැඩ කරන්නත් පුළුවන් වෙන්න ඕනෙ නේ.සමනල අඩවියෙන් අද හදුන්වලා දෙන සොෆ්ට්වෙයාර් එක ලෙහෙසියෙන් ඩිසයින් වැඩ සදහා පාවිච්චිකරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.
ඒත් මේකෙන් ඩිසයින් කරන්න පුළුවන් Business Card විතරයි.මේකෙ නම SmartsysSoft Business Card Maker.මේකෙ අලුත්ම version එකේ මිල ඩොලර් 39.95 යි.ඒත් අද සමනල අඩවියෙන් දෙන්නේ SmartsysSoft Business Card Maker V2.10 එක.මේක ටිකක් පරණ version එකක්.ඒත් අලුත් එක වගේම තමයි.
මම මේකේ කී එක්ක දෙනවා.ඒ කී එක පාවිච්චි කරලා සොෆ්ට්වෙයාර් එක ඇක්ටිව් කරගන්න පුළුවන්.
සෙටප් ෆයිල් එක ගූගල් එකේ සර්ච් කරාම ඕන තරම් හොයගන්න පුළුවන්.
මතක් කරලම 2.10 version එක ගන්න (SmartsysSoft Business Card Maker V2.10).
ඊට පස්සේ කී එක දීලා සොෆ්ට්වෙයාර් එකෙන් වැඩ ගන්න

බුදු අම්මේ ඔක්කොමත් හරි මට කී එක දෙන්න අමතකවෙලා නේ.මෙන්න කී එක.
528B366668C389B4687588DAB2F22AF0

කී එක ගැන දැනුවත් කරපු යාළුවන්ට මගේ ස්තුතිය

Wednesday, March 14, 2012

මේ පිටරට නෙවෙයි ලංකාවයි.පේරාදෙණියේ වසන්ත කාලය

පහළ තියෙන පිංතූර ටික බැලුවම ඔයාලට හිතේවි මේ පිටරට පිංතූර ටිකක්ද කියලා.ඒ තරමට ලස්සනයි.මේ වෙන කොහෙවත් නෙවෙයි සුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාලය.ලංකාවේ පේරාදෙණිය තරම් සුන්දර වෙනත් විශ්වවිද්‍යාලයක් නැති තරම්.ඒක අතිශයෝක්තියක් නෙවෙයි කියලා මේ පිංතූර බැලුවම හිතේවි.
මේ දවස්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මල් පිපෙන කාලය.මල් පිපෙන කාලයට සරසවි භූමිය අමුතුම සුන්දරත්වයක් ගන්නවා.පොළොන්නරුවේ,මල් පාරේ,ජියොග්‍රැෆි එක ලග,සරච්චන්ද්‍ර වලේ,ලොජ් එක ඉස්සරහ හැමතැනම කට්ටිය ෆොටෝ ගන්නවා.අනිත් එක වෙනදා මාර්තු මාසෙ තියෙන උපාධිප්‍රදානෝත්සවය කල් ගිහින් මේ දවස්වලටම සෙට් වුණා.ඒ නිසා පාස් අවුට් වුණ අයියලා අක්කලා කාලෙකින් ආව නිසා කට්ටිය තැනින් තැන සෙට්වෙලා පහුගිය දේවල් කතා කරගන්නවා.ඒ කට්ටියත් එක්ක ආව අම්මලා තාත්තලා,නෑදෑයොන්ගෙන් සරසවි භූමිය පිරිලා.අපේ සමහර කට්ටියට නම් බරටම වැඩ.ඇයි ඉතින් ලස්සන ලස්සන ගෑනු ළමයිනුත් ඒ අයත් එක්ක ඇවිත් ඉන්නවා නේ.ඒ වගේම ආදරය කරන අය මේ දවස්වල වැඩිවෙලාද මංදා හැමතැනම කපල්.එහෙනම් පිංතූර ටික බලලා පේරාදෙණියේ සුන්දරත්වය විදින්නකෝ.පේරාදෙණිය බලන්න එනවා නම් මේ හොදම කාලය තමයි.මට නම් මේ දවස්වලට මල්වත්තට වැඩිය කැම්පස් එක ලස්සනයි

පිංතූර වලට අමතරව සරසවි ප්‍රේමය ගැන කියවෙන ලස්සන ගීත දෙකක් මේත් සමග තියෙනවා.ඒව බැලුවා නම් තනි ඇහට අඩෙනව.විශේෂයෙන් සරසවියෙන් පිට වුණ අයකුට.ඒ තරම්ම ලස්සනයි.මේ ගීත සම්පූර්ණයෙන්ම රූගත කරල තියෙන්නේ පේරාදෙණිය සරසවියේ.කපල් එකත් පේරාදෙණියෙ ශාස්ත්‍ර පීඨයේ




































සරසවියෙදි හෙට පමණයි හමුවන්නේ.....



හන්තාන කදුවැටිය එදා වාගෙම අදත්...

Tuesday, March 13, 2012

$109.95 වටිනා Ashampoo සොෆ්ට්වෙයාර් 5 ක් නොමිලේ



මේක ගොඩක් වටින අවස්ථාවක්. Ashampoo සොෆ්ට්වෙයාර් ගැන මම හිතන්නේ ගොඩක් අය දන්නවා.ඔවුන්ගේ වෙබ් අඩවියෙන් අපිට $109.95 වටිනා සොෆ්ට්වෙයාර් 5 අපිට නොමිලේ ලබාගැනීමට අවස්ථාව ලැබිලා තියෙනවා.

Ashampoo Burning Studio Elements
Ashampoo Registry-Cleaner
Ashampoo Photo Optimizer 3
Ashampoo Photo Commander 8
Ashampoo Photo Converter

කියන වටිනා සොෆ්ට්වෙයාර් තමයි නොමිලේම ලබා දෙන්නේ
කරන්න තියෙන්නේ මේකයි මුලින්ම පහළ ලින්ක් එකෙන් ඔවුන්ගේ අඩවියට යන්න

මෙතනින් යන්න

ගිහින් my Ashampoo කියන තැනින් ගිහින් new account එක්ක හදාගන්.නොමිලේම account එක හදාගන්න පුළුවන්.account එක්ක තියෙන අය අලුතින් හදන්න ඕනෙ නෑ



ඊට පස්සේ පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් කියල තියෙන විදියට කරන්න

මෙතනින් යන්න

ඊට පස්සේ පහළ පිංතූරෙ තියෙන විදියට Get downloads now කියන තැන ක්ලික් කරන්න


ඊට පස්සේ ඔබට නොමිලේ ලැබෙන සොෆ්ට්වෙයාර් ටික දකින්න ලැබේවි.



ඊට පස්සේ ඔබට අවශ්‍ය සොෆ්ට්වෙයාර් ටික download කරගන්නයි තියෙන්නේ.සොෆ්ට්වෙයාර් 5 වුණත් ගන්න පුළුවන්.ඒ සියල්ලේම කී සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඉබේම ඔබේ වෙබ් බ්‍රව්සර් එකේ ඔපන් වෙන ටැබ් එකකින් අදාළ සොෆ්ට්වෙයාර් එකේ කී එක දක්නට ලැබේවි




ඒ කී එක කොපි කරලා ඇරගෙන සොෆ්ට්වෙයාර් එකේ කී එක ඉල්ලන තැනට පේස්ට් කරන්න




දැන් වැඩේ ගොඩ

Monday, March 12, 2012

වෛරස් ගාර්ඩ් 41 කින් ෆයිල් එකක් විනාඩි 2 නොමිලේ සම්පූර්ණ ස්කෑන් එකක්


වර්තමානයේ විවිධ වෛරස් ගාර්ඩ් රාශියක් දක්නට ලැබෙනවා.ඒත් එක වෛරස් ගාර්ඩ් එකකින් අල්ලන වෛරස් තවත් වෛරස් ගාර්ඩ් එකකින් වෛරස් එකක් ලෙස නොපෙන්වන අවස්ථා තියෙනවා.අනික අපේ සමහර අය හිතේ තියෙන බයක් තමයි කොයිවෙලේ තමන්ගේ කොම්පියුටරයට වෛරස් එකක් යයිද කියන බය.ඒ නිසා සමහර වෙලාවට තමන්ගේ කොම්පියුටරයේ තියෙන වෛරස් ගාර්ඩ් එකත් විශ්වාස කරන්නේ නෑ.සමහර අය කියනවා මේ ගාර්ඩ් එක හොදයි තව කෙනෙක් වෙන එකක් හොදයි කියනවා.කෝක වුණත් ඒව ගන්න මුදල් වියදම් කරන්න ඕන.නැත්නම් කොහෙන්හරි ක්‍රැක් එකක් හොයාගන්න ඕන.එහෙමත් නැත්නම් ෆ්‍රී එක්ක හොයාගන්න වෙනවා.ඒත් ඒකෙ ආරක්ෂාව ගැනත් විශ්වාස නෑ.මේ හැමදේටම හරියන්න අපූරු පිළිතුරක් මට ජංජාලයේ සැරිසරද්දි හමුවුණා.
ඒ තමයි virustotal වෙබ් අඩවිය.මේකට අපේ ෆයිල් අප්ලෝඩ්කරට පස්සේ වෛරස්ගාර්ඩ් 41 අපේ ෆයිල් ස්කෑන් කරල දෙනවා.විනාඩි 2-3 වගේ තමයි යන්නේ වැඩේට.ඒ වගේම අපිට අන්තර්ජාලයේ හමුවෙන විවිධ වෙබ්අඩවි පිළිබද විශ්වාසයක් නැත්නම් මේකට url දුන්නට පස්සේ ඒ වෙබ් අඩවියේ වෛරස් තියෙනවද නැත්ද කියලා අපිට හදුනාගන්න පුළුවන්.ඒ වගේම මේක නොමිලේ ලැබෙන සේවයක්.
මේක යොදාගෙන ස්කෑන් කළාට වෛරස් අපේ කොම්පියටරයෙන් ඉවත් කරන්න බැහිනේ ඒ වුණාට අපේ වෛරස් ගාර්ඩ්එක ගැන අපිට මේකෙන් විනිශ්චයකට එන්න පුළුවන්.
මේක යොදාගෙන ස්කෑන් කරන්න පුළුවන් 32MB අඩු ෆයිල් විතරයි.කොහොම වුණත් මම හිතනවා මේක ඔයාලට වැදගත් වේවි කියලා.
එහෙනම් මේ අඩවියට පහළ ලින්ක් එකෙන් යන්න

මෙතනින් යන්න

ඊට පස්සේ අවශ්‍ය ෆයිල් එක අප්ලෝඩ් කරල scan it ක්ලික් කරන්.දැන් ඔබේ ෆයිල් එක වෛරස් ගාර්ඩ් 41 ස්කෑන් වෙලා ප්‍රතිථලය පෙන්නාවි.

Friday, March 9, 2012

කී මෑන් සහ කී රෙප් (keyman and keyrep)



සිංහල අකුරු ටයිප් කරනකොට ගොඩක් ප්‍රෙයෝජනවත් සොෆ්ට්වෙයාර් දෙකක් තමයි keyman and keyrep කියන්නේ.මේ සොෆ්ට්වෙයාර් දෙක ගැන ගොඩක් අය දන්නවා.
ඒත් නොදන්න අයට දැනගන්න කියන්නම මේ ගැන ටිකක්.
MS Office වලදි සිංහලෙන් ටයිප් කරනකොට අපි දන්නවා සමහර අක්ෂර හරියට ටයිප් වෙන්නේ නෑ.විශේෂයෙන් හල් අකුරු
උදා - ම්,ර්,වි

වගේ අකුරු ටයිප් වෙන්නේ විකෘති වෙලා.ඒවගේ වෙලාවට අපිට symbol වලට ගිහින් නිවැරදි අකුරු හොයාගන්න වෙනවා.ඒක ටිකක් කරදර වැඩක්.ටයිප් කරන්න ගතවෙන වෙලාව වැඩියි.ඒ වගේ වෙලාවට මේ සොෆ්ට්වෙයාර් දෙක ගොඩක් වටිනවා.මේ සොෆ්ට්වෙයාර් දෙක මගින් අක්ෂර නිවරුදි අයුරින් ටයිප් කරනවා.

කීමෑන් කියන්නේ widows XP වලට අදාළ මෘදුකාංගය.XP තියෙන අය කීමෑන් අවශ්‍ය නම් පහළ ලින්ක් එකෙන් බාගන්න

මෙතනින් බාගන්න

කීරෙප් කියන්නේ widows7 වලට අදාළ මෘදුකාංගය.7 තියෙන අය කීමෑන් අවශ්‍ය නම් පහළ ලින්ක් එකෙන් බාගන්න

මෙතනින් බාගන්න

එහෙනම් නැවත ලිපියකින් හමුවෙමු ගිහින් එන්නම්.....

Thursday, March 1, 2012

නොමිලේ serials key,account username,password ලබා දෙන වෙබ්සයිට් තුනක්

සමනල අඩවියෙන් අද ඉදිරිපත් කරන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙන වෙබ් අඩවි තුනක්.
අපිට සමහර සොෆ්ට්වෙයාර්වල සීරියල් කී හොයාගන්න ඕනෙ වුණාම යන්න හොද වෙබ් අඩවියක් ගැන මුලින්ම කියන්නම් මේකෙ නම serials.මේකෙන් වෙන්නේ අපිට විවිධ සොෆ්ට්වෙයාර් වල සීරියල් කී ලබල දෙන එක.ගොඩක් සොෆ්ට්වෙයාර්වල සීරියල‍් කී මේ අඩවියෙන් අපිට හොයාගන්න පුළුවන්.පහළ තියෙන පිංතූරෙ තියෙන විදියට අදාළ සොෆ්ට්වෙයාර් එකේ නම search bar එකේ ගැහුවම ඊට අදාළ සීරියල් කී එනවා.ඒ වගේම මේකට අපි ළග තියෙන කී එකතු කරන්නත් පුළුවන් අනිත් අයට ප්‍රයෝජනවත් වෙන්න.



ඊළගට ඉදිරිපත් කරන අඩවියත් ඒ වගේම පහසුකම් තියෙන වෙබ් අඩවියක්.ඒකේ නම youserials.ඒකත් අර මුලින් සදහන් කළ වෙබ් අඩවිය වගේම එකක්.



අපිට සමහර වෙබ් අඩවිවලට ගියාම ඒකෙ යම් කිසි සේවයක් ලබාගන්න උවමනා නම් එහි ඒ සේවය ලබාගන්න නම් එහි සාමාජිකයකු වෙන්න කියලා කියනවා ඒ වගේ වෙලාවට වැදගත් වෙන වෙබ් අඩවියක් තමයි bugmenot කියන්නේ මේ අඩවියෙන් කරන්නේ අපිට විවිධ වෙබ් අඩවිවල username සහ password ලබා දෙන එක.ඒ වගේම අනිත් අයට ප්‍රයෝජනවත් වෙන්න අපි ළග තියෙන username සහ password මේ අඩවියට එකතු කරන්න පුළුවන්.මේ අඩවියට ගිහින් අපිට අවශ්‍ය වෙබ් අඩවියේ url එක ගහලා Get logins දුන්නම අදාළ අඩවියේ username සහ password එකතුවක් පෙන්නනවා අපිට ඒවගෙන් කැමති එකක් පාවිච්චිකරන්න පුළුවන්.



මට නම් මේ වෙබ් අඩවි තුන ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.මම හිතනවා ඔයාලටත් මේ අඩවි ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා.

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner