Saturday, March 31, 2012

සොෆ්ට්වෙයාර් ලෙහෙසියෙන් Portable කරන හැටි



Portable Application ගැන සමහර අය දන්නවා ඇති.සරළව Portable Application එකක් කියන්නේ මොකද්ද කියලා කියනව නම් පරිගණකයට Install කරන්නෙ නැතුව Double Click කරලා Open කරගෙන වැඩ කරන්න පුළුවන් Application එකකට.මේකෙදි අත්වන විශේෂ වාසියක් තමයි පරිගණකය අනවශ්‍ය පරිදි slow නොවීම.ඒ වගේම වැඩිපුර සොෆ්ට්වෙයාර් පරිගණකයට Install කරගන්න අකමැති අයටත් මේ ක්‍රමය වටිනවා.

ඒ වගේම මේකෙ තියෙන විශේෂම වාසිය තමයි අපිට අදාළ සොෆ්ට්වෙයාර් එක ඕනෑම පරිගණකයක Install නොකර වැඩ කරගත හැකි වීම.උදාහරණයක් විදියට පාසලේ හෝ විශ්වවිද්‍යාලේ IT center එකේ අපිට අවශ්‍ය සොෆ්ට්වෙයාර් Install කරන්න දෙන්නේ නැත්නම් Portable Application එක තිබෙනවා නම් ඒක පෙන් එකේ දාගෙන ගිහින් අපිට පරිගණකයට Install නොකර වැඩ කරගන්න පුළුවන්.කරන්න තියෙන්නේ Double Click කරන එක විතරයි.එතකොට අදාළ සොෆ්ට්වෙයාර් එක සාමාන්‍ය පරිදි වැඩ කරනවා.

සොෆ්ට්වෙයාර් Portable කරගන්න භාවිතා කරන හැටි දැන් බලමු.

මුලින්ම cameyo කියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

ඉන් පසුව Cameyo Install කරන්න
ඉන්පසුව Capture Installation උඩ ක්ලික් කරන්න.
Cameyo එක පැත්තකින් තියෙද්දි දැන් ඔබට Portable කරන්න අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක Install කරන්න.
ඉන්පසුව Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක Install වූ පසු Cameyo හි ඇති Install done බට්න් එක ක්ලික් කරන්න.දැන් ඔබට Portable Application එකට ලබාදිය යුතු නම සහ Save වීමට පාත් එක විමසන අතර එය ලබාදී OK කරන්න.දැන් සියල්ල සාර්ථකව සිදු කලේ නම් Success යනුවෙන් පණිවුඩයක් දිස්වේවි
දැන් ඔබ Portable Application එක සේව් වීමට දුන් තැනට ගොස් අදාළ සොෆ්ට්වෙයාර් එක උඩ Double Click කරාම සාමාන්‍ය පරිදි Portable Application වැඩ

5 comments:

Unknown said...

එළ ..මේක වටිනවා ගොඩාක් වැඩ වලට....

Sri Lanka said...

Comment By හදවතින්ම ශ්‍රී ලංකිකයි වැදගත් ලිපියක් බෙදාගත්තට ස්තුත්යි

Vishwajith said...

මම ඔය වගේ එකක් හොය හොය හිටියේ.ඕකෙන් DVD වලට උනත් ගහන්ඩ පුලුවන්ද?

සමනලයා said...

@Vishwajith ඔව් පුළුවන්
ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාට ස්තුතියි

Anonymous said...

වැදගත් ලිපියක් බෙදාගත්තට ස්තුත්යි

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner