Monday, March 12, 2012

වෛරස් ගාර්ඩ් 41 කින් ෆයිල් එකක් විනාඩි 2 නොමිලේ සම්පූර්ණ ස්කෑන් එකක්


වර්තමානයේ විවිධ වෛරස් ගාර්ඩ් රාශියක් දක්නට ලැබෙනවා.ඒත් එක වෛරස් ගාර්ඩ් එකකින් අල්ලන වෛරස් තවත් වෛරස් ගාර්ඩ් එකකින් වෛරස් එකක් ලෙස නොපෙන්වන අවස්ථා තියෙනවා.අනික අපේ සමහර අය හිතේ තියෙන බයක් තමයි කොයිවෙලේ තමන්ගේ කොම්පියුටරයට වෛරස් එකක් යයිද කියන බය.ඒ නිසා සමහර වෙලාවට තමන්ගේ කොම්පියුටරයේ තියෙන වෛරස් ගාර්ඩ් එකත් විශ්වාස කරන්නේ නෑ.සමහර අය කියනවා මේ ගාර්ඩ් එක හොදයි තව කෙනෙක් වෙන එකක් හොදයි කියනවා.කෝක වුණත් ඒව ගන්න මුදල් වියදම් කරන්න ඕන.නැත්නම් කොහෙන්හරි ක්‍රැක් එකක් හොයාගන්න ඕන.එහෙමත් නැත්නම් ෆ්‍රී එක්ක හොයාගන්න වෙනවා.ඒත් ඒකෙ ආරක්ෂාව ගැනත් විශ්වාස නෑ.මේ හැමදේටම හරියන්න අපූරු පිළිතුරක් මට ජංජාලයේ සැරිසරද්දි හමුවුණා.
ඒ තමයි virustotal වෙබ් අඩවිය.මේකට අපේ ෆයිල් අප්ලෝඩ්කරට පස්සේ වෛරස්ගාර්ඩ් 41 අපේ ෆයිල් ස්කෑන් කරල දෙනවා.විනාඩි 2-3 වගේ තමයි යන්නේ වැඩේට.ඒ වගේම අපිට අන්තර්ජාලයේ හමුවෙන විවිධ වෙබ්අඩවි පිළිබද විශ්වාසයක් නැත්නම් මේකට url දුන්නට පස්සේ ඒ වෙබ් අඩවියේ වෛරස් තියෙනවද නැත්ද කියලා අපිට හදුනාගන්න පුළුවන්.ඒ වගේම මේක නොමිලේ ලැබෙන සේවයක්.
මේක යොදාගෙන ස්කෑන් කළාට වෛරස් අපේ කොම්පියටරයෙන් ඉවත් කරන්න බැහිනේ ඒ වුණාට අපේ වෛරස් ගාර්ඩ්එක ගැන අපිට මේකෙන් විනිශ්චයකට එන්න පුළුවන්.
මේක යොදාගෙන ස්කෑන් කරන්න පුළුවන් 32MB අඩු ෆයිල් විතරයි.කොහොම වුණත් මම හිතනවා මේක ඔයාලට වැදගත් වේවි කියලා.
එහෙනම් මේ අඩවියට පහළ ලින්ක් එකෙන් යන්න

මෙතනින් යන්න

ඊට පස්සේ අවශ්‍ය ෆයිල් එක අප්ලෝඩ් කරල scan it ක්ලික් කරන්.දැන් ඔබේ ෆයිල් එක වෛරස් ගාර්ඩ් 41 ස්කෑන් වෙලා ප්‍රතිථලය පෙන්නාවි.

4 comments:

Nimnaya said...

ela

යෙටියගෙ බ්ලොග් පිටුව said...

මේකනම් පට්ට සය්ට් එකක්! එල එල! ඔබ තුමාගෙ උත්සහයට ගොඩක් පින්! මොකද මම ගොඩක් දේවල් මේ සය්ට් එකෙන් දෑන ගත්ත!

යෙටියගෙ බ්ලොග් පිටුව said...

මේකනම් පට්ට සය්ට් එකක්! එල එල! ඔබ තුමාගෙ උත්සහයට ගොඩක් පින්! මොකද මම ගොඩක් දේවල් මේ සය්ට් එකෙන් දෑන ගත්ත!

යෙටියගෙ බ්ලොග් පිටුව said...

mekanam patta site ekak. mokada mama me site eken godak dewal danagatta! thawat dewal balaporottu wenawa! thankz!

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner