Wednesday, March 14, 2012

මේ පිටරට නෙවෙයි ලංකාවයි.පේරාදෙණියේ වසන්ත කාලය

පහළ තියෙන පිංතූර ටික බැලුවම ඔයාලට හිතේවි මේ පිටරට පිංතූර ටිකක්ද කියලා.ඒ තරමට ලස්සනයි.මේ වෙන කොහෙවත් නෙවෙයි සුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාලය.ලංකාවේ පේරාදෙණිය තරම් සුන්දර වෙනත් විශ්වවිද්‍යාලයක් නැති තරම්.ඒක අතිශයෝක්තියක් නෙවෙයි කියලා මේ පිංතූර බැලුවම හිතේවි.
මේ දවස්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මල් පිපෙන කාලය.මල් පිපෙන කාලයට සරසවි භූමිය අමුතුම සුන්දරත්වයක් ගන්නවා.පොළොන්නරුවේ,මල් පාරේ,ජියොග්‍රැෆි එක ලග,සරච්චන්ද්‍ර වලේ,ලොජ් එක ඉස්සරහ හැමතැනම කට්ටිය ෆොටෝ ගන්නවා.අනිත් එක වෙනදා මාර්තු මාසෙ තියෙන උපාධිප්‍රදානෝත්සවය කල් ගිහින් මේ දවස්වලටම සෙට් වුණා.ඒ නිසා පාස් අවුට් වුණ අයියලා අක්කලා කාලෙකින් ආව නිසා කට්ටිය තැනින් තැන සෙට්වෙලා පහුගිය දේවල් කතා කරගන්නවා.ඒ කට්ටියත් එක්ක ආව අම්මලා තාත්තලා,නෑදෑයොන්ගෙන් සරසවි භූමිය පිරිලා.අපේ සමහර කට්ටියට නම් බරටම වැඩ.ඇයි ඉතින් ලස්සන ලස්සන ගෑනු ළමයිනුත් ඒ අයත් එක්ක ඇවිත් ඉන්නවා නේ.ඒ වගේම ආදරය කරන අය මේ දවස්වල වැඩිවෙලාද මංදා හැමතැනම කපල්.එහෙනම් පිංතූර ටික බලලා පේරාදෙණියේ සුන්දරත්වය විදින්නකෝ.පේරාදෙණිය බලන්න එනවා නම් මේ හොදම කාලය තමයි.මට නම් මේ දවස්වලට මල්වත්තට වැඩිය කැම්පස් එක ලස්සනයි

පිංතූර වලට අමතරව සරසවි ප්‍රේමය ගැන කියවෙන ලස්සන ගීත දෙකක් මේත් සමග තියෙනවා.ඒව බැලුවා නම් තනි ඇහට අඩෙනව.විශේෂයෙන් සරසවියෙන් පිට වුණ අයකුට.ඒ තරම්ම ලස්සනයි.මේ ගීත සම්පූර්ණයෙන්ම රූගත කරල තියෙන්නේ පේරාදෙණිය සරසවියේ.කපල් එකත් පේරාදෙණියෙ ශාස්ත්‍ර පීඨයේ




































සරසවියෙදි හෙට පමණයි හමුවන්නේ.....



හන්තාන කදුවැටිය එදා වාගෙම අදත්...

5 comments:

Unknown said...

මාර ලස්සනයිනේ...

‍සොඳුරු සිතැති මිනිසා said...

පට්ට.... මමත් ඔය ළග පාතම තමා.. මාත් පුදුම ආසාවකින් තමා මේ කාලෙට ඔය කහ පාට මල් පිරුණු ගස් පේලි අතරින් නුවරට යන්නේ එන්නේ..

Anonymous said...

i love this country how beutiful it is......

but the politician and these f*** nalu niliyo and media has extreamly polluting the country

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

තනි ඇහැට නෙවේ හලෝ... මට නම් ඇස් දෙකටම ඇඬුනා... මාරම ලස්සනයි... පේරා යන අපේ කස්ටිය මාර ලකී නේ !!!

Anonymous said...

ඇත්තටම හරිම ලස්සනයි. හැකිනම් නුවර වැව රවුමේ රොබරෝසියා ගස්වල මල් පිරිලා තියෙන දර්ශන ටිකකුත් දාන්න. දැන් නම් කොහොමද දන්නෙ නෑ..ඉස්සර නම් එක කාලයකට හැම ගහකම මල් පිපුනාම රෝස පාට රෙද්දකින් වහලා වගේ.. :)

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner