Thursday, December 22, 2011

රාජපක්ෂ ආණ්ඩුව සරසවි සිසුන් දස දහසකගේ මානව අයිතීන් කඩකරයි





ලොව ජීවත් වෙන සෑම මිනිසෙකුටම හිමිවන මානව අයිතීන් අතර කැමති තැනක නිදහසේ ඇවදීම හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය සෑම මිනිසෙකුට හිමිය.එහෙත් පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ එම අයිතිය රාජපක්ෂ ආණ්ඩුව විසින් කඩකරන ලදී.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් පසුගිය 21 දින විශ්ව විද්‍යාලයේ සිට කොළඹ දක්වා පෞද්ගලික විශ්ව විද්‍යාල පනතටඑරෙහිව සංවිධානය කර තිබූ විරෝධතා පාගමන අධිකරණ නියෝගයක් මගින් වළක්වන ලදී.එය සිසුන්ගේ මූලික අයිතීන් අමු අමුවේ කඩකිරීමකි.සිසුන්ට විරෝධය දැක්වීමට නොහැකි වුවද සිසුන්ගේ දෙමව්පියන් යැයි කියාගත් පළාත්සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සහ කුලියට ගත් එස්.බී ඇමතිවරයාගේ හෙන්චයියන් පිරිසකට සරසවි සිසුන්ට එරෙහිව උද්ඝෝෂණය කිරීමට මෙරට ශුද්ධවූ අධිකරණයෙන් අවසර ලැබී ඇත.නීතිය සරසවි සිසුන්ට වෙනම හැන්දකින් බෙදා තිබේ.එය මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පීළිබද බරපතළ සැක සංකාමතුකරවන්නකි.
අනික් අතින් මෙරට ජනතාවගේ චින්තනමය ශක්තිය පීළිබදව බරපතල ගැටළුවක් ඇත.සාක්ෂරතාව සියයට අනූ නවයක් වුවාට චින්තනමය හැකියාව ඇත්තේ බින්දුවේය.මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කර නිදහස් අධ්‍යාපනය විනාශ කර හෙට උපදින දරුවන්ට ලක්ෂ 60 පමණ දී උපාධියක් ගැනීමට සිදුවන කාලය අත ළග ඔවුන්ට වැටහෙන්නේ නැත.ඔවුන්ට පේන විදියට මේ විශ්ව විද්‍යාලකාරයෝ අණ්ඩුවේ සල්ලි විනාශ කර කාල බීල පාඩුවේ ඉගෙනගන්නේ නැතුව කරන පිස්සු වැඩය.ඔව් අපට පාඩුවේ ඉගෙනගත හැක.එහෙත් අපට පැවරුණ වගකීමක් ඇත.ඒ අප භුක්තිවිදි නිදහස මතු අනාගතයට ඉතිරිකර දීමයි.ඔබගේ දරුවන්ට මතු අනාගතයේ නිදහසේ අධ්‍යාපනයේ යෙදීමට ඇති අයිතිය තහවුරු කරදීමටය.
අද අපිට බැදි මේ කම්බිවැටවල් හෙට ඔබට බැදෙන දිනය වැඩි ඈතක නොවේ....

8 comments:

Anonymous said...

ගොඩක් අයට් අමේක තේරෙනකොට පරක්කු වැඩියි එ
ක අතකින් අපිටත් තියෙන්නෙ උන්ට හොද නම් අපිට මොකෝ කියලා පාඩුවේ ඉන්න . මොකෝ අපිට යෑ පාඩුව බන්

Anonymous said...

සරසවි සිසුනි කියන්නේ මෝඩ අමන ඔලුව උදුම්මවා ගත්ත මැටි හැත්තක්.. මාසසෙකට එකක් අහන්නම ලැබෙනවා...
http://lankadeepa.lk/index.php/articles/18753
මෙහෙම කරන එවුන්ට දෙනේන ඕන රජකාලෙ දඩුවම් පරයො..

සමනලයා said...

@ano
ඒත් අපි මොනව හරි කරන්න ඕනෙ නේද මචං

සමනලයා said...

@ano2 එතකොට ඒ ළමයට ආණ්ඩුවෙන් දුන්න හමුදා පුහුණුව නිසා වෙච්ච දේට කවුද වග කියන්නේ.මුලින්ම ආණ්ඩුවෙනුයි නවක වදය දීල තියෙන්නේ.අපි ඔලුව උදුම්මගත්ත මෝඩ හැත්තක් කියන කට්ටිය තව අවුරුදු 2 -3කින් තමන්ගේ එකෙක්ට යන්න විශ්ව විද්‍යාලයක් නැතිවෙනකොට අපි කෑගැහුව ඒවගෙ වටිනාකම තේරෙවි.

මම ඩුමාංජරිය said...

මිල මුදලට යස ඉසුරට ලොබ බැද වැදූ මවත් විකුනන ඔවුන්ගේ පරපුරට වඩා මිල මුදලට ලොබ නොබැද දෙපයින් ජීවත් වන අපගේ පරපුර උතුම් වේ. දෑතේ බැදි විලංගු ගලවා බලනු දෙපයින් ජීවත් වන පරපුරක ශක්තිය.

thilini shalwyn (සිත්තරී) said...

වෙන්නයන විනාසයක් නවත්තන්න කියල හිතාගෙන නොකා නොබී රැයක් දවාලක් නැතිව අවුව වැස්ස නොබලා පිරිසකි ඉදිරියට යද්දි ටිවි දිහා කට ඇරන් බලාගෙන ඉන්න අය හිතනව මුන්ට පිස්සු, මුන්ගෙ ආත්මාර්තකාමීකම කියලා.
එක අතකින් එහෙම අයට ඒ අයගෙ ළමයින්ට ලක්ෂ ගණන් වියදම් කරල උගන්නවන්න එන කාලෙට ඔහෙ යන්න දීලා අපේ අසරණ ළමයි ටික පාඩුවේ හිටියනම් ඉවරයි. ඒත් එහෙම අත කට අකුලන් ඉන්න බැරි අපිත් කවදහරි මේ පොළොවෙ පය ගහල ඉන්න ඔන හින්දයි.
කැම්පස් ළමයි ගැන බහුතරයක් දෙනා එළඹිලා ඉන්න ඍණාත්මක දෘෂ්ටිවාදෙන් මිදෙනකන් ළමයින්ට කවදාවත් හොදක් අහන්න නෑ මේ සමාජයෙන්. ඒ ඇස්වල මුල් ඇදල තියන කළු කන්ණාඩි ගැලවෙන්නෙ සේසතම වියදම්කරල ඉගෙනීමට යොදවන්න වුණු කාලෙක විතරයි.

Anonymous said...

දස දහසකගේ මානව අයිතීන් කඩකලාට අව්ලක් නෑ.. ඔය කැම්පස් වල එවුන් private uni වලට බයේ ඒවා දාන්න දේන්නේ නැතුව සිසුන් ලක්ශ ගානකගේ මානව අයිතීන් කඩන්න හදන්නේ... ඒවා හොදයි තොපි පර හැත්තට..

Anonymous said...

කැමිපස් එකක ෙවන ෙද්වල් ගැන දන්නවා තියා කැම්පස් එකක් අැහැකට දැකලා නැති උන් කියන කතා ගැන අපි කලකිෙරන්න ඔ්න නෑ. අෙනක් අතට අය කටු කන බල්ෙලා හින්ද තමයි අාණ්ඩු කරවන උනුත් ෙමච්චර දගලන්ෙන.

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner