Wednesday, February 22, 2012

ඔබේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ broken link හදුනාගන්නේ කොහමද?මෙන්න ලේසිම ක්‍රමය


සමනල අඩවියෙන් අද ඉදිරිපත් කරන සොෆ්ට්වෙයාර් එක වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තියෙන හැමෝටම වැදගත් වෙයි කියලා මම හිතනවා.මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ අපේ අඩවියේ තියෙන broken link එහෙමත් නැතිනම් වැඩකරන්නේ නැති ලින්ක් ඉක්මනින් හොයලා දෙන එක.
අපේ අඩවියෙන් අපි පාඨකයන්ට දෙන ලිනික් එකක් වැඩකරන්නේ නැතිවුණාම අපේ අඩවිය ගැන පාඨකයන්ට තියෙන විශ්වාසය නැතිවෙනවා.එතකොට පාඨකයෝ අපේ අඩවියට එන්නේ නෑ.ඒ නිසා හොද ගුණාත්මක වෙබ් අඩවියක් වීමට අපේ අඩවිය තුළ මෙවැනි broken link නොමැතිවීම ඉතා වැදගත්.
මේ broken link අපේ අඩවිය තුළ තියෙනවද කියල බලන්න එකින්එක ක්ලික් කරන එක කරදර වැඩක්ග.අනික එහෙම ලින්ක් දහස් ගාණක් තියෙන අඩවියක තියෙන broken link කොහෙම හොයන්නද?
අන්න ඒ වෙලාවට තමයි මේක වැදගත් වෙන්නේ.මේ සොෆ්ට්වෙයාර් එකේ නම Xenu.නොමිලේ ලැබෙන සොෆ්ට්වෙයාර් එකක්.

මේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් බාගන්න

මෙම සොෆ්ට්වෙයාර් එක පරිඝණකයට ඉන්ස්ටෝල් කරගෙන පසුව එහි ඇති Check URL කියන තැනට ඔබට පරීක්ෂා කිරීමට අවශ්‍ය අඩවියේ ලින්ක් එක දීලා ENTER කී එක ඔබන්න.එවිට ටික වෙලාවකින් රතු පැහැයෙන් ඔබේ අඩවියේ තියෙන broken link ටික පෙනේවි.

1 comments:

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner