Sunday, February 5, 2012

ස්ත්‍රී රත්නං පුස්ථකං පරහස්තං ගතං ගතං ( කාන්තාවක් හෝ පොතක් වෙනත් කෙනෙක් අතට ගියොත් ගියාමය)


‍මේ ලිපියේ මාතෘකාව දැක්කම හිතුණේ බණක් කියන්න යනව කියලද? ‍මේක පොඩි කතාවක්.ඒ කිව්වේ මගේ අත්දැකීමක් ගැන සටහනක්.ඒ කතාව කියන්න කලින් ඉතින් මේ මාතෘකාවෙ තේරුම ‍පොඩ්ඩක් කියල ඉන්නම් දන්නේ නැති අයට දැනගන්න.මේකෙ තේරුම තමයි කාන්තාවක් හෝ පොතක් වෙනත් කෙනෙක් අතට ගියොත් ගියාමය කියන එක.ඔය දෙකම ගැන අත්දැකීම් තියෙන අය අපි අතර අනන්තවත් ඇති.
ඒත් මට නම් අත්දැකීම ලැබුණේ ඔය දෙවනිවෙනි කාරණය සම්බන්ධයෙන්.ඒත් මම දන්න සිදුවීම් කිහිපයක් තියෙනවා ඔය මුලින් කිව් කාරණය සම්බන්ධයෙනුත්.ඒ ගැන මම පස්සේ කියන්නම්
මුලින්ම මේකයි මගේ අත්දැකීම
ඔන්න ඉතින් අපිට මාසයකට සැරයක් පොළ හම්බවෙනවා නේ.පොළ කිව්වේ මහපොළ ශිෂ්‍යාධාරය.ඔය පොළ හම්බවෙන දවස් වෙනකොට අපේ කැම්පස් එකේ(පේරා) ප්‍රධාන පුස්තකාලය ඉස්සර පොත් ප්‍රදර්ශනයක් තියෙන එක සාමාන්‍ය පුරුද්දක්.මොකද පොත් විකුණක අය දන්නවා පොළ හම්බවෙන දවස්වලට ළමයි පොත් ගන්නවා කියලා.පොළ හම්බවෙන්නේ නැත්නම් අපිට පොතක් වත් ගන්න සල්ලි නෑ කියලා පොත් වෙළෙන්දොත් දන්නවා.ඉතින් මාත් පුරුද්දකට වගේ පොළ දවසට පොතක් ගන්න එක පුරුද්දක් කරගෙන හිටියා.ඔන්න ඉතින් එක මාසෙක මම ආසාවෙන් හොය හොයා හිටිය පොතක් තිබුණා සියක් වසක් හුදකලාව කියලා.ඕක ඉතින් අතේ සල්ලිත් තිබුණ නිසා දෙපාරක් නොහිතම අරගත්ත.දවස් දෙකෙන් පොත කියවලා ඉවරයි.ඔය පොත ඉතින් ටික දවසක් මේසෙ කොනක තියලා තිබුණා.දවසක් මගේ යාළුවෙක් මේක දැකලා අඩෝ මම හොය හොය හිටිය පොතක් කියලා මට බටර් පාරකුත් ගාල අරගෙන ගියා.සතියක් දෙකක් ගියා පොත තාම නෑ.ඔන්න ඔහොම ඉන්නකොට නිවාඩුවක් සෙට් වුණා.සතියක් ගෙදර ඉදලා ආවම පස්සේ මම අර යාළුවගෙන් පොත ගැන ඇහුව.මෙන්න මූ ඒක ගෙදර දාල ඇවිල්ල.කියවන්න කියලා ගෙදර අරගෙන ගිහින් පස්සේ ඒක අමතක කරල ඇවිත් මට ඉතින....මූ ලේසියකට ගෙදර යන එකකුත් නෙවි.දැන් මොනව කරන්නද?ගෙදර ගිහින් අරගෙන වරෙන් කියන්ද?අන්තිමට ඉතින් මූ ගෙදර යන කම් මට ඉවසන්න වුණා මාස 4ක්.මාස 4 පස්සේ මූ ගෙදර ගිහින් ආව කියමු කෝ.මම ඇහුවා පොත කෝ කියලා.ඒ පාර මූ කියනවා ඌ ගෙදර ඒක තියල ආවට පස්සේ නංගි ඒ පොත බලලා නංගිගේ තව යාළු කෙල්ලෙක්ට දීලලු.ඒ පාර ඒ කෙල්ල කොල්ලෙක් එක්ක පැනල ගිහින්.ඒ කෙල්ලෙගෙ ලව් එකට උදව් කරා කියලා මගේ යාළුවගේ නංගිට අර පැනල ගිය කෙල්ලගේ දෙමව්පියෝ ඒ ගෙවල් පැත්ත පළාතේ එන්න දෙන්නේ නෑලු.ඒ නිසා පොත ගෙන්න ගන්න විදියක් නෑලු.
හ්ම්...හ්ම්....
මොනව කරන්නද දැන්.මම ඒ ගෙදර යන්නද?තාමත් පොත නෑ.මූ ගෙදර ගියෙත් නෑ.මම මූට කිව්ව ලබන සැරේ වත් එනකොට පොත ගෙනෙන් කියලා.ඒ පාර මූ කියනවා ඌට ඒ ගෙදර යන්න බැරිලු.නංගිත් එක්ක තරහ නිසා ඌටත් බනිවිලු.ඒ පාර මූ කියනවා මචං ඔය කෙල්ලට ළමයෙක් හෙම හම්බවුණාම ඔය දෙමව්පියොත් එක්ක තරහ නිවිලා ආපහු ගෙදර ඒවි එතකොට මම පොත ඉල්ලලා දෙන්නම් කියලා.යකෝ...
තනි ඇහට ඇඩෙනවා.දැන් ඉතින් අර කෙල්ලට බබෙක් හම්බවෙනකම් ඉදපංකෝ මගේ පොත ඉල්ල ගන්න......

4 comments:

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

මලේ දැන් ඔය කියන්න හදන්නේ පළවෙනි කාරණය ගැන බොට අත්දැකීම් ඇත්තේම නැහැ කියලද බං....
ඒ කියන්නේ සිරිපාල සියඹලා ගෙනාවේම නැහැ....

සමනලයා said...

@පෙදරේරුවා හි...හි....නැත්තෙමත් නෑ..

Anonymous said...

අනේ මචං .. සහතික ඇත්ත..

Devulture.com said...

අඩෝ එලනේ.. උඹට ඹය වගේ ආතල් වැඩි වැඩියෙන් වෙයන්.අම්මපා බං...

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner