Wednesday, May 9, 2012

ඇමතිවරු බඩගාන යාල කැළේ දේවලය




මම හිතන්නේ ලංකාවෙ වැඩියෙන්ම දෙවියෝ විශ්වාස කරන්නේ ලංකාවේ මැති ඇමතිවරු කියලයි.ඉන්දියාවේ පවා ගිහින් යාගහෝම කරනවා නේ.ඇමතිවරු විතරක් පමණක් නොවේ ලංකාවේ ගොඩක් මිනිස්සු දෙවියන් විශ්වාස කරනවා.හාස්කම් තියෙනවා කියලා විශ්වාස කරල විවිධ දේවාලවලට යනවා.එහෙම මෑතක ඉදලා ගොඩක් දෙනා යන එන දේවාලයකට යන්න මටත් අවස්ථාව ලැබුණා.මේ දේවාලයට කැබලිත්ත දේවාලය නැතිනම් සියඹලාවේ දේවාලය කියලා කියනවා.මේ දේවාලය තියෙන්නේ යාල කැළේ මැද කිලෝමීටර් 36 විතර ඇතුළේ.මම හිතන්නේ සමහර අය මේ ගැන දන්නවා ඉරිදා ලංකාදීප පුවත්පතේ මේ ගැන පහුගිය දවස්වල ලිපි මාලාවක් පළ වුණා.
මේ දේවලයට යන්න මාර්ග කිහිපයක්ම තියෙනවා කතරගම පැත්තෙන් එන්නත් පුළුවන්.තව මොනරාගල කොටියාගල කියන ගම හරහාත් එන්න පුළුවන්.අපි නම් ගියේ කොටියාගල කියන ගම හරහා.මම හිතන්නේ ඒ පාර තමයි ලේසි.අනිත් පැත්තෙන් අවොත් මාර්ගයේ දුර වගේම දුෂ්කර බවත් වැඩියි.
මේ ගමන යන්න යන්න ඩිෆෙන්ඩර් එකක් හරි ට්‍රැක්ටර් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්.වෙනත් වාහන වලට යන්න නම් ටිකක් අමාරුයි.
පාර නම් අමාරුයි.වනෝද්‍යානයක් නිසා පාරවල් හදන්න බෑ නේ.පාර දිගට මඩ වළවල් තියෙනවා.ගොඩක් වෙලාවට වාහන එරෙනවා.වැඩිපුරම වෙලා යන්නේ ඒ වගේ වෙලාවට තමයි.
යන්න විතරක් පැය 8 විතර යනවා.ඒක ඉතින් ගොඩක් වෙලාවට වෙනස් වෙනවා වාහන ගොඩක් වෙලාවට මඩේ එරනවා.සමහර වාහන මඟට ඇවිත් හරවා ගෙන යනවා යන්න බැරි නිසා.අපි ගිය දවසේ යාල පැත්තෙන් ආව ජීෆ් දෙකක් ආපහු හරවාගෙන ගිහින් තිබුණා එන්න බැරි නිසා.
අපිට දේවලෙට යනවා නම් රැයක් යාල කැළේ ගත කරන්න වෙනවා.මුලින්ම ගිහින් කුඹුකන් ගඟ මෙගොඩ රාත්‍රිය ගත කරන්න ඕන.ඒ නිසා නවාතැන් ගන්න අවශ්‍ය දේවල් අරගෙන යන්න ඕන.අනිත් දවසේ උදේ පාන්දරම කුඹුකන් ගඟෙන් නාල හෙම පේ වෙලා තමයි දේවාලයට යන්න ඕන.
ගමන ටිකක් අමාරුයි ත්‍රාස්‍යජනකයි මොකද මහ කැළේ මැදට නේ යන්නේ.ඒත් දෙවියන් විසින් දේවාලෙට යන මිනිස්සු ආරක්ෂා කරනවා කියලයි ගමේ මිනිස්සුන්ගේ විශ්සවාසය.
ගමන ගිහින් කට වරද්ද ගත්තොත් නම් ආයෙ ලේසියෙන් එන්න වෙන්නේ නෑලු.අපිට නම් අවුලක් වුණේ නෑ.ඒත් මෙහෙ ආව ජනප්‍රිය චරිත කීපයකට නම් හොඳ හොඳ වැඩ වෙලා තියෙනවා.අපේ පංචායුධ ඇමතිගේ හාමිනේ ඇවිත් "මට පැය 24 කොළඹ යන්න ඕනෙ" කිව්වලු.අන්තිමට දවස් දෙකක් ට්‍රැක්ටර්යක් උඩට වෙලා තෙමි තෙමී ඉදල.ආපු ඩිෆෙන්ඩර් කැඩිල.මුලින් ට්‍රැක්ටර් වල යන්න බෑ කිව්වලු අන්තිමට ඒවත් කැඩිලා ආපහු ගමෙන් ගෙනවා ගත්ත ට්‍රැක්ටර් ඒවත් කැඩිලා.සරත් වීරසේකරටත් දවස් දෙකක් කැළේ ඉන්න වෙලා.හැමදාම කට වරද්ද ගන්න කැළණියේ මැරවින් තුමාට නම් ගිහින් අවුළක් වෙලා නෑ.ගමේ පොඩි උන් ටිකකට සල්ලිත් දීලා ඇවිත් එන ගමන්.
මේකට ගොඩක් අය යනවා එනවා.යන්න නම් පොඩ්ඩක් වියදම් කරන්නත් වෙනවා.යනවා නම් නිවරදි මඟ පෙන්වීමක් එක්කම යන්න වෙනවා.ඔයාලටත් යන්න ඕන නම් සම්බන්ධ කරගන්න මම දුරකථන අංක දෙකක් දෙන්නම්

විපුල 0779588225
නුවන් 0774321901

තව කාරණයක් තියෙනවා මේ ගමන යනවා නම් මෙහි පරිසරය ආරක්ෂා කරන්න.ගෙනියන දේවල් ආපහු ගේන්න.මේ ගමන පාරසරික සංචාරයක් විදියට අයටත් වැදගත්.අපිත් මේ ගමනට සම්බන්ධ වුණේ ඒ අරමුණෙන්.ඒ නිසා පරිසරයේ ආරක්ෂාව ගැනත් හිතලා මේ වගේ ගමනක් යනවා නම් හොඳයි.

7 comments:

තාරා said...

හ්ම්... මමත් අහලා තියෙනවා ඔය දේවාලෙ ගැන. සමහරු තුන් මාසයක් නිර්මාංෂ වෙලා පේ වෙනවා යන්න කලින්...

නරක අය ගියාම කරදර වෙනවලු,

Sumith Niriella said...

නොදකින් මේ හාමුදුරුවරු...මොන මගුලට සිවුරු දාගත්තද මන්දා...පූසාරි වෙන්නෙ නැතුව...

ඊනියා "අනුහස් සියඹලාවක්" මිනිස්සු ඉන්න හරියකින් හොයාගන්න (හදාගන්න) බැරිද ?
සතුන් වෙනුවෙන් වෙන්කළ කැළේ මේ "මැටිමතුන්"ගෙන් පිරුනාම සත්තු කොහේද ඉන්නෙ....? එතකොට උන් ගම්වැදිලා වගා පාළු කරන එකේ වරදක් තියෙනවද ?

ප්‍රමෝද් said...

මචං මේකට නම් අදාල නෑ Indyarocks වල Video සහ Blog කියන දෙක අකවුන්ට් වලින් අයින් කරල නේද? මගේ එකේ ඒවා දැන් නෑ.

Anonymous said...

MEMA DEVALAYA ITHI MONA DEVIYANTADA? MERAWIN THUMA HONDA KENEK NISA EYATA KARADARAYAK WELA NETHILU. WEERAWANSA HAMINE KATAWARADDA GATHTHI KIYANNE PEYA 24N COLOMBA YANNA ONEI KIYAPU EKADA?OYA AYA GIHIN THIYENNE 3N MASAYAK PE WELADA?

සමනලයා said...

@තාරා
මම නම් යන දවසේ විතරයි මස් මාළු නොකා හිටියේ.ස්තුතිය් ප්‍රතිචාරයට

සමනලයා said...

@Sumith Niriella
ඔය හාමදුරුවරු පූසාරිලා නෙවෙයි.දේවාලේ වඳින්න ආව කට්ටියක් එක්ක ඇවිත් හිටියේ.
මෙහෙමයි ඔය දේවාලේ ඔය ගමේ වයසක අය පවා පොඩි කාලේ ඉදලා ගිය දේවාලයක්.යුද්දෙන් පස්සේ තමයි මැති ඇමතියෝ එන්න අරන් තියෙන්නේ.නැතිනම් ගම්මු කැළේ ගියාම යන දේවාලයක් විතරයි.සත්තුන්ට කරදරයක් වෙන එක නම් ඇත්ත.

සමනලයා said...

@ප්‍රමෝද්
නෑ නෑ එහෙම කරල නෑ.ඔයා විසිටර් විව් විදියටද ප්‍රොෆයිල් එක බැලුවේ.පොඩ්ඩක් ආයෙ බලන්න.විසිටර් කෙනෙක් විදියට බලල හරියන්නෙ නෑ

@Anonymous
කතරගම දෙවියෝ ඔකඳින් ගොඩ බැහලා කතරගමට යන ගමන් මෙහෙ භාවනා කළා කියලා කියනවා.කතරගම දෙවියෝ තමයි ඉන්නවා කියලා කියන්නේ.

මැරවින්ට මුකුත් වුණේ නැත්තේ ඇයිද මම නම් දන්නේ නෑ.

එහෙම කිව්ව නිසා තමයි එන්න බැරිවුණා කියන්නේ

මම නම් යන දවසේ විතරයි මස්මාළු නොකා හිටියේ.එහෙම මාස 3 පේ වෙනවද කියල නම් මම දන්නේ නෑ

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner