Monday, January 9, 2012

වීඩියෝ අප්ලෝඩ් කරලා ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයමු


ආසියාවේ ආශ්චර්ය වෙච්ච මේ සිරිලංකාවට ලේසියෙන් ඇඩ්සෙන්ස් ගන්න බෑ..ඒ නිසා අපිට වෙන විකල්ප ක්‍රම භාවිතා කරන්න වෙලා තියෙනවා.ඒ වගේම තමයි අපිට සමහර වෙබ් අඩවි වල සමහර සේවාවන් ලබා ගන්නත් බෑ.ඒ ව‍ගේ අඩවියක් තමයි youtube කියන්නේ. youtube එකේ partner Program එක ලංකාවට සපෝර්ට් කරන්නේ නෑ.YouTube Partner Program එක ලංකාවට සපෝර්ට් කළා නම් ඇඩ්සෙන්ස් වලින් හොද ආදයමක් ලබා ගන්න පුළුවන්.ඒත් අපේ අවාසනාවට අපිට YouTube Partner Program එක අපිට සපෝර්ට් කරන්ෙන් නෑ.
ඒනිසා අපිට විකල්පයක් විදියට ෙයාදාගන්න පුළුවන් අඩවියක් ති‍ෙයනවා ඒ තමයි Flixya අඩවිය.මේ අඩවියේ ගිණුමක් ආරම්භ කළාට පස්සේ අපිට වීඩියෝ,ෆොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන් ඒ වගේම බ්ලොග් ලියන්නත් පුළුවන්.මෙතනදි වැදගත්ම කාරණය තමයි අපිට අපේ ඇඩ්සෙන්ස් ගිණුම Flixya ගිණුම සමග සම්බන්ධ කරන්න පුළුවන් ඒ නිසා අපි අප්ලෝඩ්කරන වීඩියෝ නරඹන අයට ඇඩ්සෙන්ස් එකේ වෙළද දැන්වීම් දර්ශනය වෙනවා.ඒ නිසා අපිට හොද ගාණක් හොයා ගන්න පුළුවන්.අනික මේක ජනප්‍රිය අඩවියක් නිසා ඇඩ්සෙන්ස් දාලා තියෙන වෙනත් අඩවියකට වගේ ට්‍රැෆික් හදා ගන්න දගලන්න ඕනෙ නෑ.

මේ අඩවියේ ලියාපදිංචි වෙන්න මෙතනින් යන්න

අනික් කාරණය තමයි මේ අඩවියේ ගිණුමක් ආරම්භ කරද්දි අපිට ඇඩ්සෙන්ස් ගිණුමක් නැත්නම් මේ අඩවිය මාර්ගයෙන් ඇඩ්සෙන්ස් ගිණුමකට ඉල්ලුම් කිරීමේ හැකියාවත් තියෙනවා.ඒ කිව්වේ මේක indyarocks අඩවිය වගේ අඩවියක්.ඒ නිසා ඇඩ්සෙන්ස් නැති අයටත් මේ අඩවියෙන් ඇඩ්සෙන්ස් ගිණුමක් හදා ගන්න පුළුවන්.මීට කලිනුත් මම ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගන්න හැටි පෝස්ට් එකක් දැම්ම ඒක මෙතනින් බලන්න ඒක මෙතනින් බලන්න
එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු.
ගිහින් එන්නම් එහෙනම්.
මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ප්‍රතිචාරයක් දාල යන්න.නැත්නම් facebook fan page එකට ලයික් එකක් දාන්න

3 comments:

නාට්‍යකාරයා said...

elaaaaaa

අරුණ හෙට්ටිආරච්චි said...

මගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එක ඩිසේබල් කරලා. ආයේ ගන්න සිස්ටම් එකක් නැද්ද?

සමනලයා said...

රෙප් මහත්තයෝ ඕකට ඉතින් ගූගල්ලගෙම සහය ගන්නවෙනවා.මේල් එකක් යවල බලන්න නැවත ඇක්ටිව් කරන්න කියලා.මම දන්න විදියට නම් ලේසියෙන් ගන්න අමාරුයි ඩිසේබල් වුණ එකක්

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner