Saturday, October 16, 2010

‍සරසවි සිසුන්ට පොලිසිය පහර දීම







රටකට ‍‍ෙපාලිසියක් අවශ්‍ය වන්ෙන් රටක නීතිය හා සාමය සුරකීමටය.ෙමය ෙලා්කෙය් අනිකුත් රටවල් හා සසදන විට සත්‍යයනක් වුවද වර්තමාන ලංකාව ෙදස බැලීෙම්දී පැහැදිලි වන්ාන් ෙපාලීසිය නීතිය හා සාමය සුරකින පිරිසක් ‍ෙනාව නීතිය අවනීතිය කිරීමටත් සාමය විනාශ කිරීමටත් පිහිටුවා අැති අායතනයක් බවයි.
ලංකාවේ පොලීසිය දැන් දැන් තිරිසනුන් බවට පත්වෙමින් සිටිති.පාතාලයේ යැයි කියමින් අයිංසක තරූණයන් මරා දමමින්,ලංකාවේ වැඩිම අල්ලස් හා දුෂණ චෝදනා ලබමින් පොලිසිය බල්ලන් බවට පත්වෙමින් සිටියි.ෙපාලිසිෙය් අයුක්තියේ දෑත් දැන් යොමුවී තිබෙන්නේ මෙරට උගතුන් බිහි කරන ලංකාවේ ව්ශ්ව ව්ද්‍යාල වෙතටයි.
පේරාදෙණිය සරසවියට SB ඇමතිවරයා පැමිණි දින ඊට සාමකාමීව විරෝධය දැක්වූ සරසව් සිසුක් 4 දෙනකු සිරගත කිරීමේ සිද්ධියට එරෙහිව පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට පහර දුන්නේ නිර්ලජ්ජිත ලෙසිනි.
උද්ඝෝෂණය නිමවා නැවත බස් රථ වලට පැමිණෙමින් සිටි නිරායුධ සිසුන් පිරිසට පොලිසිය එළව එළවා පහර දුන්නේය.සිසුන්ට පමණක් නොව සිද්ධිය වාර්ථා කරන්නට පැමිණි මාධ්‍යවේදීන්ටද පොලිසිය පහර දුන්නේය.තරූණ කෙල්ලන් අඩ නිරූවතින් බිම වැටී සිටියදී පොලිස් සුන්‍ඛයන් හතර පස් දෙනා එකතු වී පහර දුනි.බිම වැටුණු තරූණයන්ට බෙල්ට් පහරවල් බූට් පාරවල් එල්ල විය.කුණු කාණුවලට වැටුණු තරූණියන් එම කාණුවලටම දමා පයෙන් පහර දුන්නේය.සමහර සහෝදරියන් ගහන්න එපා යැයි කියා වැදවැටෙද්දිත් පහර දුන්නේය.ඒ අතර අපේ සහෝදර වරූ සහෝදරියන් බේරා ගැනීමට ගුටිකාගෙනම උත්සහ දැරීය.තිරිසන් පොලිස් සුනඛයන් පාලනය කිරීමට උසස් පොලිස් නිලළධාරින්ටද නොහැකි විය.සමහර උසස් නිල්‍ධාරින් පොලිස් සොක්කන්ට පා පහර දී ඔවුන් නවතන්නට උත්සහ දැරීය.එහෙත් ඔවුන් පහර දුන්නේ තමන්ට අහිම් උසස් අධ්‍යාපන වරම හිමි වූවන් ගෙන් වෛරයක් පිරිමසා ගැනීමට මෙනි.
පොලිසිය සාමකාමීව විසිර යාමට සැරැසුණු නිරායුධ සිසුන්ට පහර දී සාමය නැති කළේය.බිම වැටීසිටි අඩනිරූවත් තරූණියන්ට බල්ලන් මෙන් පහර දී නීතිය අවනීතිය කළේය.මාධ්‍යවේදීන්ට පහර දී රටේ ආරක්ෂාව නැති කළේය.
පොලිසිය අගුලාන අහිංසක තරූණයන් මරා දැමුවේය,මන්ද බුදධික තරැණයකු මරා දැමුවේය.සුසන්ත බණ්ඩාර මරා දැමුවේය.දැන් සාමකාමීව උද්ඝෝෂණය නිමවා යමින් සිටි පිරිසට පහර දුන්නේය.
සොර‍‍ා අල්ලපු ගෙදරට පැන ඇත.ඔබගේ ගෙදරට තට්ටු කරන තුරූ සිටිනවාද?

2 comments:

සිරිමල් said...

අත්තනෝමතිකව පොලීසිය එහෙම පහර දුන්නනම් වැරදියි. ඒත් හැමවෙලේම පොලීසියට බනින එකත් වැරදියි. කැම්පස් යන සමහර උන් හිතන් ඉන්නේ මේ ලෝකේ උන්ට වඩා ලොකු පොරවල් නෑ කියලා.

ඇවිල්ලා ඉගෙන ගන්නේ නැතුව සින්නන්ගේ ලණු කාලා, අනතරෙන් බ්‍රේන් වොෂ් කරගෙන අරගල කරන්න යන උන්ට නම් ඔහොම ගැහුවට කිසිම දුකක් නෑ. ඒත් ඔය අස්සේ ගුටිකන අහිංසක උන් ගැන තමා දුක.

ඔය උඩින් දාලා තියෙන විදිහට ඔය උද්ගෝෂණය ඇත්තටම සාමකාමී එකක් වුනාද? පොලීසියේ ඉන්න උන්ටත් දැන් සමහර කැම්පස් උන්ගේ ලොකු සීන් හොඳටම ඇතිවෙලා තියෙන්නේ. ඒ හින්දා අවස්ථාවක් ලැබුණ ගමන් රිටර්න් දෙන්න බලාගෙන ඉන්නේ. ඕකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ ඔය කැම්පස් ඇතුලේ ඉඳන් ගිනි අවුලන "ලොකු පොරවල්".

මේ පොඩ්ඩක් වැඩිපුර දෙයක් ලියන්නේ. රටේ තත්වේ ගැන.
දැන් පොඩ්ඩක් එළියට ගිහින් බලන්න විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙක් කිවුවම පෞද්ගලික ආයතන වල පිලිගැනීම කොහොමද කියලා. ඇතුලේ ඉන්නකන් රටේ නැති චාටර් වැඩ වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව සෙට් වෙලා ඉමේජ් එකට කෙළකරවගෙන එළියට ඇවිත් කෑ ගහනවා ජොබ් නෑ කියලා. එක පාරක් හරි හිරේ වැටුණ එකෙක්‍ට ජොබක් දෙන්න කවුද කැමති වෙන්නේ?

Anonymous said...

අන්තරය වගේ ආයතනයක් තිබිබේ නැත්නම් මේ සිසුන් මොඩයෝ වගේ ඉන්නවා. බලන්න අන්තරය කොච්චර හොදට මේ උද්ගෝෂණ සංවිධානය කරනවාද නේද.අන්තරය මෙහෙයවන අය ජ.වි.පෙ.ට සම්බන්ධ බව කටිටිය කීවාට එහෙම නෑ. එයාලා කැම්පස් එකේ ඉන්නකන් ඒවාට සම්බන්ධ වන්නේ නෑ‍. පසුව ඒ අය ජ.වි.පෙට සම්බන්ධවෙන එක වෙනමම දෙයක්. ඒ උනාට ඒ අය අවංකවම ලාංකිය සිසු ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා අපි වගේ කැම්පස් ගිය අය දන්නවා.ඔය ගෙවල්වල ඉන්න පිස්සෝ ඒවා දන්නේ නෑනේ. අනිත් එක ජ.වි.පෙ කැමපස් එකේ උත්ගේෂණ වලට සම්බන්ධ වෙනවා කියලත් අපි ඉතින් දන්නවානේ. එහෙම නැතුව ඉතිං කොහොමද අර විදිහට පොලීසියත් එක්ක ගහ ගන්නේ.(පරණ අත්දෑකීම් තියෙනවානේ 1971 1988/89)

Post a Comment

සමනල් රෑන

ඊමේල් මගින් ලිපි ගෙන්වාගන්න

Enter your email address:

Delivered by FeedBurner