


මම හිතන්නේ ලංකාවෙ වැඩියෙන්ම දෙවියෝ විශ්වාස කරන්නේ ලංකාවේ මැති ඇමතිවරු කියලයි.ඉන්දියාවේ පවා ගිහින් යාගහෝම කරනවා නේ.ඇමතිවරු විතරක් පමණක් නොවේ ලංකාවේ ගොඩක් මිනිස්සු දෙවියන් විශ්වාස කරනවා.හාස්කම් තියෙනවා කියලා විශ්වාස කරල විවිධ දේවාලවලට යනවා.එහෙම මෑතක ඉදලා ගොඩක් දෙනා යන එන දේවාලයකට යන්න මටත් අවස්ථාව ලැබුණා.මේ දේවාලයට කැබලිත්ත දේවාලය නැතිනම් සියඹලාවේ දේවාලය කියලා කියනවා.මේ දේවාලය තියෙන්නේ යාල කැළේ මැද කිලෝමීටර් 36 විතර ඇතුළේ.මම හිතන්නේ සමහර අය මේ ගැන දන්නවා ඉරිදා ලංකාදීප පුවත්පතේ මේ ගැන පහුගිය දවස්වල ලිපි මාලාවක් පළ වුණා.
මේ දේවලයට යන්න මාර්ග කිහිපයක්ම තියෙනවා කතරගම පැත්තෙන් එන්නත් පුළුවන්.තව මොනරාගල කොටියාගල කියන ගම හරහාත් එන්න පුළුවන්.අපි නම් ගියේ කොටියාගල කියන ගම හරහා.මම හිතන්නේ ඒ පාර තමයි ලේසි.අනිත් පැත්තෙන් අවොත් මාර්ගයේ දුර වගේම දුෂ්කර බවත් වැඩියි.
මේ ගමන යන්න යන්න ඩිෆෙන්ඩර් එකක් හරි ට්‍රැක්ටර් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්.වෙනත් වාහන වලට යන්න නම් ටිකක් අමාරුයි.
පාර නම් අමාරුයි.වනෝද්‍යානයක් නිසා පාරවල් හදන්න බෑ නේ.පාර දිගට මඩ වළවල් තියෙනවා.ගොඩක් වෙලාවට වාහන එරෙනවා.වැඩිපුරම වෙලා යන්නේ ඒ වගේ වෙලාවට තමයි.
යන්න විතරක් පැය 8 විතර යනවා.ඒක ඉතින් ගොඩක් වෙලාවට වෙනස් වෙනවා වාහන ගොඩක් වෙලාවට මඩේ එරනවා.සමහර වාහන මඟට ඇවිත් හරවා ගෙන යනවා යන්න බැරි නිසා.අපි ගිය දවසේ යාල පැත්තෙන් ආව ජීෆ් දෙකක් ආපහු හරවාගෙන ගිහින් තිබුණා එන්න බැරි නිසා.
අපිට දේවලෙට යනවා නම් රැයක් යාල කැළේ ගත කරන්න වෙනවා.මුලින්ම ගිහින් කුඹුකන් ගඟ මෙගොඩ රාත්‍රිය ගත කරන්න ඕන.ඒ නිසා නවාතැන් ගන්න අවශ්‍ය දේවල් අරගෙන යන්න ඕන.අනිත් දවසේ උදේ පාන්දරම කුඹුකන් ගඟෙන් නාල හෙම පේ වෙලා තමයි දේවාලයට යන්න ඕන.
ගමන ටිකක් අමාරුයි ත්‍රාස්‍යජනකයි මොකද මහ කැළේ මැදට නේ යන්නේ.ඒත් දෙවියන් විසින් දේවාලෙට යන මිනිස්සු ආරක්ෂා කරනවා කියලයි ගමේ මිනිස්සුන්ගේ විශ්සවාසය.
ගමන ගිහින් කට වරද්ද ගත්තොත් නම් ආයෙ ලේසියෙන් එන්න වෙන්නේ නෑලු.අපිට නම් අවුලක් වුණේ නෑ.ඒත් මෙහෙ ආව ජනප්‍රිය චරිත කීපයකට නම් හොඳ හොඳ වැඩ වෙලා තියෙනවා.අපේ පංචායුධ ඇමතිගේ හාමිනේ ඇවිත් "මට පැය 24 කොළඹ යන්න ඕනෙ" කිව්වලු.අන්තිමට දවස් දෙකක් ට්‍රැක්ටර්යක් උඩට වෙලා තෙමි තෙමී ඉදල.ආපු ඩිෆෙන්ඩර් කැඩිල.මුලින් ට්‍රැක්ටර් වල යන්න බෑ කිව්වලු අන්තිමට ඒවත් කැඩිලා ආපහු ගමෙන් ගෙනවා ගත්ත ට්‍රැක්ටර් ඒවත් කැඩිලා.සරත් වීරසේකරටත් දවස් දෙකක් කැළේ ඉන්න වෙලා.හැමදාම කට වරද්ද ගන්න කැළණියේ මැරවින් තුමාට නම් ගිහින් අවුළක් වෙලා නෑ.ගමේ පොඩි උන් ටිකකට සල්ලිත් දීලා ඇවිත් එන ගමන්.
මේකට ගොඩක් අය යනවා එනවා.යන්න නම් පොඩ්ඩක් වියදම් කරන්නත් වෙනවා.යනවා නම් නිවරදි මඟ පෙන්වීමක් එක්කම යන්න වෙනවා.ඔයාලටත් යන්න ඕන නම් සම්බන්ධ කරගන්න මම දුරකථන අංක දෙකක් දෙන්නම්
විපුල 0779588225
නුවන් 0774321901
තව කාරණයක් තියෙනවා මේ ගමන යනවා නම් මෙහි පරිසරය ආරක්ෂා කරන්න.ගෙනියන දේවල් ආපහු ගේන්න.මේ ගමන පාරසරික සංචාරයක් විදියට අයටත් වැදගත්.අපිත් මේ ගමනට සම්බන්ධ වුණේ ඒ අරමුණෙන්.ඒ නිසා පරිසරයේ ආරක්ෂාව ගැනත් හිතලා මේ වගේ ගමනක් යනවා නම් හොඳයි.