
ජීවිතේ මට දුන්න
නුඹ....
ජීවතේ බර අදින
නුඹ...
කදුළු බිදු සගවමින්
දෑත් සවි බෙලන්
දහදිය වගුරමින්
කහවනු සොයන්නට
දිවා රෑ වෙහසවන
නුඔ..
දෙනෙත නුඹෙ දකින්නට
නුඹේ දෙඅත් සිඹින්නට
පා යුග නුඹෙ වදින්නට
මගේ නෙත් කළ
පින් මද බව
නුඹේ හද ගැහෙන
හඩ ඇසෙන
නුඹේ මුවින් “පුතේ“
යැයි ඇසෙන දිනක
නුඹේ ළගට එන්නට
බලා හිදිමි මම
පෙරුම් පුරමි මම....
කුප්පියා....
Faculty of arts
university of peradeniya
0 comments:
Post a Comment