
බොදවූ දෙනෙතින් ලෝකය දෙස බලා
පැහැදිලි ලොවක් අප හට සදා
මහමෙර වන් දුක් ගිනි හිසින් දරා
සුර සැප පමණක් අප හට දීලා
දස මස කුස නොදැරුවාට
ඒ පින් ඇති තාත්තේ මතු බුදු බව ලබන්න
ශිල්ප උගෙන හොදින් ලොකු නෝනාවරු නූනාට
නුඹට නොකියා හොර රහසෙ කුරූළු කූඩු තැනුවාට
නුඹේ සිහින සුන් කළෙ අප හට පෙර පින් නැතුවාට
සමාවෙන්න දෙපා වදිමි තාත්ත හිත රිදුණාට
0 comments:
Post a Comment