


මේ වසරේ සිට සරසවි වරම් ලබන සිසුන්ට හමුදා පුහුණුවක් ලබා දීම මේ දිනවල කතා බහට ලක්වන ව මාතෘකාවකි.එස්.බී.දිසානායක ඇමතිගේ අත්තනෝමතික තීරණයක් ලෙස මෙය හැදින්විය හැක.අනික් අතින් සිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි.විශ්ව විද්‍යාල සිසුවෙක් යනු බුද්ධිමතෙකි.ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ ආචාර්ය,මහාචාර්යවරු යටතේය.එහෙත් මෙහිදී හමුදා නිළධාරීන් මගින් සිසුන් පුහුණු කිරීමෙන් සිදුවන්නේ විශ්ව විද්‍යාල සිසුවාගේ තත්වය බාල්දු කිරීමකි.අනික් අතින් ආණ්ඩුවට පක්ෂපාති පිරිසක් බවට සිසුන් පත්කිරීමට මෙය උපයෝගී කර ගැනීමට හැක.රටක හමුදාවක් යනු පවතින ආණ්ඩුවේ තීරණ ප්‍රශ්න කිරීමෙකින් තොරව ක්‍රියාත්මක කරන පිරිසකි.එහෙත් අප සරසවි සිසුන්ගෙන් බලාපොරොත්තු වන්නේ එය නොවේ සරසවි සිසුවා පවතින දේශපාලන තත්වය පිළිබදව විචාරාත්මකව බලයි.හමුදා පුණුවක් මගින් බිහි කරන සරසවි සිසුවා හමුදාවක් මෙන් ආණ්ඩුවේ තීරණ හිස නමා ඉටු කරන පිරිසක් බවට පත්කිරීම මේ ආණ්වේ අරමුණයි.අනික් අතින් හමුදා කදවුරු තුළදී ළමුන්ට ලබාදෙන ආරක්ෂාව ගැන ප්‍රශ්න මතු වීමට හැක.මේ වන විට දෙමව්පියන්ගෙන් මෙයට විරෝධයක් ගොඩනැගෙමින් පවතී.මා දන්නා හදුනන කීප දෙනෙක්ම මෙම පුහුණුවට අකමැතිව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඉන් ගැළවීමට උත්සහ කරමින් සිටී.විශේෂයෙන් මුස්ලිම් දෙමවිපියන් තම දරුවන් මෙම පුහුණුවට නොයවා සිටීමට වැඩි ඉඩක් පවතී.මේ නිසා එම දරුවන්ගේ අනාගතය අදුරට වැටේ.එමෙන්ම අනෙකුත් සිසුන්ට සමානව අයිතිවාසිකම් හිමිවිය යුතු පිරිසක් වන භික්ෂුන්වහන්සේලා සම්බන්ධයෙකන් මෙහිදී ගන්නා ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න මතුවේ...
මේ සියලු දේ වලින් පැහදළි වන්නේ මෙම තීරණය අත්තනෝමතික තීරණයක් බවයි.ඊට එරෙහිව පෙළ ගැසිය යුතුය.