
පසු ගිය දා අන්තරේ නව කැදවුම්කරූ සංජීව බණ්ඩාර පොලිස් අත්තඩංගුවට පත් වීය.ඔහු පොලිස් අත්තඩංගුවට ගන්නා ලද්දේ රූහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සමග මෝටර් බයිසිකලයක යමින් සිටිය දීය.පොලිසිය අත්තඩංගුවට ගැනීමේදී ඉදිරි පත් කළ චෝදනාව වූයේ අනවසර ගිනි අවි ළග තබා ගැනීමයි.එහෙත් තිහගොඩ පොලිසියට එවනි අනවසර ගිනි අවියක් ඔහු ළග තිබී සොයාගත නොහැකා විය.එහෙත් ඔහු අත්තඩංගුවට ගත් පොලිසිය ඊට පසු දිනයේ ගොනු කළ චෝදනාව වූයේ රූහුණු විශ්ව විද්‍යාලයේ ගැටුම් ඇති කළාය යන චෝදනාවයි.මේ අනුව පැහැදිළි වන්නේ සංජීව බණ්ඩාර පොලිස් අත්තඩංගුවට ගැනීම බොරැ චෝදනා එල්ල කර ඔහු පොලිස් අත්තඩංගුවට ගැනීමේ උවමනාවෙන්ම කළ දෙයක් බවය.එය මේ රටේ ප්රජාතන්ත්රවාදය හා පොලීසියේ නීති ගරුක බාවය පිළිබදව ප්‍රශ්න මතු කරන සිද්ධියකි....